පොලිස්පතිට ඉල්ලා අස්වෙන්නැයි දන්වයි.. අස්වෙන්න පොලිස්පති සූදානම්..?

August 20, 2017 at 9:20 am | lanka C news
පොලිස්පතිට ඉල්ලා අස්වෙන්නැයි දන්වයි.. අස්වෙන්න පොලිස්පති සූදානම්..?

පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට එම ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් දැනුම් දී ඇතැයි එජාප හිතවාදී වෙබ් අඩවි කිහිපයකම වාර්තා පල කර ඇත.

පොලිසියේ සුළු සේවකයෙකුට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් වරද පිලිගෙන තනතුරෙන් ඉල්ලා අස්වන්නැයි අගමැතිවරයා දන්වා ඇතැයිද එම වාර්තාවන්හි දැක්වෙයි.

කෙසේ වෙතත් සැප්තැම්බර් අග වන තෙක් ධුරයේ රැදී සිටීමට අවසර දෙන්නැයි පොලිස්පතිවරයා කර ඇති ඉල්ලීමට අගමැතිවරයා එකග වී ඇති බවත් ඒ අනුව සැපුතැම්බර් අගදී ඔහු ඉල්ලා අස්වනු ඇති බවත් එම වාර්තාවන්හි වැඩි දුරටත් දැක්වෙයි.

147 views
Main News