පොලිස්පතිට රත්නපුරේදී දුන් ඇමතුමේ කිසි වරදක් නෑ..

December 7, 2016 at 6:48 pm | lanka C news
පොලිස්පතිට රත්නපුරේදී දුන් ඇමතුමේ කිසි වරදක් නෑ..

පොලිස්පති පූජිත ජයසුන්දර රත්නපුරයේ උත්සවයක් අමතමින් සිටියදී ඔහුට පැමිණි දුරකථන ඇමතුමට ප්‍රතිචාර දැක්වූ ආකාරයේ වරදක් තමන් දකින්නේ නැති බව කැබිනට් ප්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා කැබිනට් මාධ්‍ය හමුවේදී පැවසීය.

පොලිස්පතිවරයා එම දුරකථන ඇමතුමේදී ‘අත්අඩංගුවට ගන්න එපා’ යන බලපෑමක් සිදුකර නැතැයිද කී ඇමති සේනාරත්න පොලිස්පතිවරයා ඒ අවස්ථාවේදී එම ඇමතුමට නිසි ලෙස ප්‍රතිචාර දැක්වූ බව හොඳින් පැහැදිළි වූ බවද සදහන් කලේය.

130 views