පොලිස්පතිට ‘සර්’ ඇමතුවේ මහින්ද රාජපක්ෂගේ හිතවතෙකු බේරන්නයි..
December 3, 2016 at 2:10 pm | lanka C news
රත්නපුරයේ පැවති උත්සවයකදී පොලිස්පති පූජිත ජයසුන්දරට කිසියම් පුද්ගලයෙකුගෙන් ලද ඇමතුමෙන් අත්අඩංගුවට නොගන්නා ලෙස කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හිතවත් ඩිල්ෂාන් නම් නිලමේවරයෙක් යයි රාජ්ය ඇමති ඩිලාන් පෙරේරා මහතා පවසයි.
අදටද එම පුද්ගලයා සිටින්නේ හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා සමග බවද කී ඔහු අදාල නිලමේට උදවු කිරීමට කවුරුන් හෝ ඇමතිවැයෙක් ලබා පොලිස්පතිවරයාට ඇමතුමක් දී ඇතැයිද කීය.