පාස්කු බෝම්බ ප්‍රහාරයට චෝදනා.. පොලිස්පතිට, හිටපු ආරක්‍ෂක ලේකම්ට අධිකරණයෙන් නොතීසි නිකුත් කෙරේ..

May 8, 2019 at 12:40 pm | lanka C news
පාස්කු බෝම්බ ප්‍රහාරයට චෝදනා.. පොලිස්පතිට, හිටපු ආරක්‍ෂක ලේකම්ට අධිකරණයෙන් නොතීසි නිකුත් කෙරේ..

ලබන 21 වැනි දින අධිකරණයේ පෙනී සිටින්නැයි පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට හා හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතාට නියෝග කරමින් ශ්‍රේෂඨාධිකරණයෙන් නොතීසි තිකුත් කර ඇත.

පාස්කු ඉරිදා දිනයේ එල්ලවූ බෝම්බ ප්‍රහාර වැලකීමට කටයුතු නොකලේ යයි ඔවුන් දෙදෙනාට එරෙහිව ගොනු කර තිබූ පෙත්සමක් සලකා බලමින් මෙසේ නොතීසි නිකුත් කර ඇත.

එම ප‍්‍රහාරවලින් මිය ගිය දැරියකගේ පියකු විසින් පෙත්සම ගොනු කර තිබේ.

පූජිත ජයසුන්දර මහතා මේ වන විට පොලිස්පති ධුරයෙන් අනිවාර්ය නිවාඩු යවා ඇති අතර හේමසිරි ප‍්‍රනාන්දු මහතා ආරක්‍ෂක ලේකම් ධුරයෙන් ඉල්ලා අස්විය.

13 views

2 Comments to “පාස්කු බෝම්බ ප්‍රහාරයට චෝදනා.. පොලිස්පතිට, හිටපු ආරක්‍ෂක ලේකම්ට අධිකරණයෙන් නොතීසි නිකුත් කෙරේ..”

  1. Sinnaporan says:

    kade yanna giyahama ohoma wenawa.

  2. එස්.කේ සරත් says:

    කරන්න දෙයක් නැ මහත්වරුනි… මේ අපේ රටේ හැටි, හැබැයි ඔබතුමාලා දෙන්නට පොරවල් දෙකක් වෙන්න පුලුවන් දන්න සෙල්ලං ටික ඔක්කොම කියලා දාන්න! – තමන්ට මොනවා උනත් රටට යහපතක් නං වෙනවා අනිවාර්යෙන්ම!

Main News