පොලිස්පති ඉල්ලා අස්වෙයි..? කුරූණෑගලින් එජාපයෙන් දේශපාලනයට..?

October 13, 2018 at 9:20 am | lanka C news
පොලිස්පති ඉල්ලා අස්වෙයි..? කුරූණෑගලින් එජාපයෙන් දේශපාලනයට..?

පූජිත ජයසුන්දර මහතා එන සතියේදී පොලිස්පති ධුරයෙන් ඉල්ලා අස්වනු ඇති බව ඉහල පෙලේ රජයේ මුලශ‍්‍ර උපුටමින් ජාතික පුවත්පත් රැසක් වාර්තා කර ඇත.

පසුගිය කාලයේදී පොලිස්පතිගේ ක්‍රියාවන් ගැන දැඩි දෝෂදර්ශණයන් එල්ල වීම මත ධුරයෙන් ඉල්ලා අස්වනු ඇතැයිද සදහන්ය.

ජනාධිපතිවරයාද ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස පොලිස්පතිවරයාට දන්වා තිබූ බව මීට පෙර වාර්තා පලවිය.

මීලග පොලිස්පති ලෙස ජ්‍යෙෂ්ඨත්වය අනුව නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන එස් එම් වික්‍රමසිංහ සහ චන්දන වික්‍රමරත්න යන අයගෙන් කෙනෙකු පත්වනු ඇතැයිද පැවසෙයි.

මේ අතර පූජිත ජයසුන්තර මහතා එක්සත් ජාතික පක්‍ෂයෙන් කුරුණෑගල දිස්ත‍්‍රික්කය නියෝජනය කරමින් දේශපාලනයට පිවිසෙනු ඇතැයිද කලක පටන් වාර්තා පල විය.

69 views