පොලිස්පති ඉල්ලා අස් නොවුනොත් අනිවාර්ය නිවාඩු යවා පරීක්‍ෂණ…?

October 13, 2018 at 3:00 pm | lanka C news
පොලිස්පති ඉල්ලා අස් නොවුනොත් අනිවාර්ය නිවාඩු යවා පරීක්‍ෂණ…?

පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ධුරයෙන් ඉල්ලා අස්නොවන්නේ නම් ඔහු අනිවාර්ය නිවාඩු යවනු ඇති බව මාධ්‍ය වාර්තා පල වෙයි.

අනිවාර්ය නිවාඩු යැවීමට පෙර ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස රජයේ ඉහලම නිලධාරීන් විසින් පොලිස්පතිවරයාට මේ වන විටත් දන්වා ඇතැයිද සදහන්ය.

පොලිස්පතිවරයාගේ ක‍්‍රියාකලිපය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැඩි ලෙස විවේචනය කර ඇති බවටද පසුගිය දිනවල වාර්තා විය.

ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයාට දන්වා ඇති බවටද මාධ්‍ය වාර්තා කලේය.

අල්ලස් ගැනීමේ සිදුවීමක් සම්බන්දයෙන් පොලිස්පතිවරයාට එරෙහිව මේ වන විට පරීක්‍ෂණයක් ක‍්‍රියාත්මක වෙමින් ඇත.

102 views

2 Comments to “පොලිස්පති ඉල්ලා අස් නොවුනොත් අනිවාර්ය නිවාඩු යවා පරීක්‍ෂණ…?”

  1. Nim says:

    RANIL GE GOLAYA
    POLIS KOLAMA THAWA DURATATH
    THABA GANEEMA
    MULU MAHATH JANATHAWA GEMA
    ARASSAWATA THARJANA YAKK
    BAWAEI PENENNE.

  2. Tilwin says:

    Ponil’s appointees are all the same. He appointed Arjuna Mahendran and made use of him to rob the Central Bank. This IGP it appears was appointed to accomplish another mission of his. Shame!!

Main News