පොලිස්පති එලවන ආණ්ඩුවේ යෝජනාවකට ඒකාබද්ද සහාය..

October 3, 2018 at 4:40 pm | lanka C news
පොලිස්පති එලවන ආණ්ඩුවේ යෝජනාවකට ඒකාබද්ද සහාය..

පොලිස්පති පූජිත ජයසුන්දර මහතා එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා ආණ්ඩුව යෝජනාවක් ගෙන එන්නේ නම් ඊට සහයෝගය දීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත.

මෙම තීරණය ගෙන ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේදී ඊයේ පැවති විශේෂ හමුවේදීය.

ඒකාබද්ධ විපක්ෂයේ අදහස වී ඇත්තේ පොලිස්පතිවරයා ධූරයෙන් ඉවත් කිරීමට පාර්ලිමේන්තුවේ විශ්වාසභංගයට බහුතරය අවශ්‍ය නිසා එය කළ හැක්කේ ආණ්ඩුව පමණක් බවයි.

ඒ අනුව පොලිස්පතිවරයා ඉවත් කිරීමට ආණ්ඩුව විසින් යෝජනාවක් ගෙන එන්නේ නම් ඊට සහාය දීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත.

20 views
Main News