පොලිස්පති කුරුණැගල, හිරියාලෙන් එජාපයෙන් මහ මැතිවරණයට..? නිවස වටා දැඩි ආරක්‍ෂාවන් යොදා වැඩ අරඹයි..?

August 12, 2018 at 10:46 pm | lanka C news
පොලිස්පති කුරුණැගල, හිරියාලෙන් එජාපයෙන් මහ මැතිවරණයට..? නිවස වටා දැඩි ආරක්‍ෂාවන් යොදා වැඩ අරඹයි..?

වත්මන් පොලිස්පති පූජිත ජයසුන්දර මහතා මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී තරග කිරීමට ඉඩ ඇතැයි සැක සිතන බව සමස්ත ලංකා පළාත් පාලන සංසදය පවසයි.

එහි සභාපති උදේනි අතුකෝරළ මහතා මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ පොලිස්පතිවරයා කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිරියාල ආසනයට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වීමට සූදානම් වන්නේ දැයි සැක සිතෙන බවයි.

වර්තමානයේ පොලිස්පතිවරයාගේ හැසිරීම අනුව ඔහු ගෙනයමින් ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ න්‍යාය පත්‍ර විය හැකි යයිද ඔහු පැවසීය.

පොලිස්පතිවරයා මේ වන විට සිය නිවස වටා විශාල ආරක්ෂාවක් තරකරමින් මැතිවරණ කටයුතු ආරම්භ කර ඇති බවටද ආරංචි ඇතැයිද ඔහු කියා සිටියේය.

කෙසේවෙතත් මෙම චෝදනාවට ප්‍රතිචාර දක්වමින් පොලිස්පති පූජිත ජයසුන්දර මහතා කියාසිටියේ පොලිස්පති ධූරයේ රාජකාරි කටයුතු ඉටුකරමින් හැර තමනට න්‍යායපත්‍රයක් නැති බවයි.

ඔහු මේ බව කියා සිටියේ කුරුණෑගලදී මත්ද්‍රව්‍ය නිවාරණ වැඩ සටහනක් සඳහා එක්වීමෙන් පසු මාධ්‍ය අමතමිනි.

98 views
Main News