පොලිස්පති ගෙදර… වැඩබලන පොලිස්පති ලෙස CD වික‍්‍රමසිංහ පත් කරයි..

April 29, 2019 at 12:45 pm | lanka C news
පොලිස්පති ගෙදර… වැඩබලන පොලිස්පති ලෙස CD වික‍්‍රමසිංහ පත් කරයි..

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජනාදිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කර ඇත.

ඒ අනුව පොලිස්පති පුජිත ජයසුන්දර මහතා පොලිස්පති ධුරයෙන් අනිවාර්ය නිවාඩු ගැන්වෙනු ඇත.

පොලිස්පති ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි ජනාධිපතිවරයා විසින් අවස්ථා කිහිපයදීම පූජිත ජයසුන්දර මහතාට දන්වා ඇතත් ඒ සදහා ඔහු කටයුතු නොකලේය.

මේ අතර හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශකවරයෙකු ලෙස ජනාධීපතිවරයා විසින් පත් කර ඇත.

මේ වන විට පොලිස්පතිවරයා විදෙස්ගතව සිටින බවද වාර්තා වෙයි.

65 views

19 Comments to “පොලිස්පති ගෙදර… වැඩබලන පොලිස්පති ලෙස CD වික‍්‍රමසිංහ පත් කරයි..”

  1. නුරන් says:

    මේ විදිහට තමා මොහාන් පීරිස් අගවිනිසුරුවත ගෙදර ඇරියෙ ….මේකද බොල යහපාලනේ කියන්නෙ …

Main News