පොලිස්පති දුරකතන ඇමතුමට පිලිතුරු දුන්නා පමණයි.. ඔහුට එරෙහි චෝදනාවක් නෑ.. – අගමැති, ජනපතිගේ මතයටත් පිටුපායි..

December 5, 2016 at 11:20 am | lanka C news
පොලිස්පති දුරකතන ඇමතුමට පිලිතුරු දුන්නා පමණයි.. ඔහුට එරෙහි චෝදනාවක් නෑ.. – අගමැති, ජනපතිගේ මතයටත් පිටුපායි..

පසුගියදා රත්නපුරයේදී උත්සවයක් අමතමින් සිටියදී පොලිස්පති පූජිත ජයසුන්දර දුරකථන ඇමතුමකට පිළිතුරු දුන්නා මිස ඔහුට එරෙහි චෝදනාවක් එල්ල වී නැතැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ අදාල සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කල ප‍්‍රශ්න කිරීමකදීය.

අදාල ඇමතුමෙන් කියවුනු නිලමේවරයා කැදවා ඇත්තේ පැමිණිල්ලට අදාළ ලිපි කිහිපයක් බාර දීමට බවත් ඒ ගැන විමසූ අවස්ථාවේදී මෙ සිදුවීම සිදුව ඇති බවත් අගමැතිවරයා තව දුරටත් කීය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය මතය පල කරමින් කියා සිටියේ මෙම සිදුවීම සම්පුර්ණයෙන්ම හෙලා දකින බව වුවත් අගමැතිවරයා මෙම සිදුවීම මේ දක්වා හෙලා දැක නැත.

42 views