පොලිස්පති නිරෝධායනයට.. කාර්යාලයට සංචරණ සීමා.. ජනාධිපති සමග ආරක්ෂක මණ්ඩල හමුව අවලංගුයි..
December 9, 2020 at 10:00 am | lanka C news
පොලිස්පති සී ඩී වික්රමරත්න මහතා ඇතුළු ඔහුගේ කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.
පෙරේදා දිනයේ සිට මෙසේ සොයා ස්වයං නිරෝධායනයට යොමුකර ඇති හේතුවෙන් පොලිස්පතිවරයා ඊයේ දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් පැවැති ජාතික ආරක්ෂක කවුන්සිලයට ද සහභාගි වී නැත.
පොලිස්පතිවරයා මෙසේ නිරෝධායනයට ලක් කර ඇත්තේ ඔහුගේ රියැදුරාට කොරෝනා වෛරසය ආසාදන වීම නිසාය.
මේ තත්වය මත පොලිස් මූලස්ථානයේ තුන්වෙනි මහලේ පිහිටි පොලිස්පති කාර්යාලය සියලු නිලධාරීන් මෙසේ ආරක්ෂිත පියවරක් ලෙස නිරෝධායනයට යොමු කර ඇත.
සෙසු අංශ නිලධාරීන්ට පොලිස්පති කාර්යාලයට යාමද සීමා කර තිබේ.