පොලිස්පති නිල ඇඳුමෙන්ම දේශපාලනයේ වේගවත් ගමන අරඹයි.. නෑ කියනු බැරි සාක්‍ෂි මෙන්න..

August 14, 2018 at 12:02 am | lanka C news
පොලිස්පති නිල ඇඳුමෙන්ම දේශපාලනයේ වේගවත් ගමන අරඹයි.. නෑ කියනු බැරි සාක්‍ෂි මෙන්න..

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මෙම අදහස් පල කලේය.

පොලිස්පතිතුමා දේශපාලනය කරන බවත් මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කිරීමට බලාපොරොත්තු වන බවත් පොදුජන පෙරමුණ චෝදනා කළ විට පොලිස්පතිතුමා ඒක ප්‍රතික්ෂේප කළා. එතුමා දේශපාලනයේ යෙදෙන බවට අප ලඟ සාක්ෂි තිබෙනවා. මේ තිබෙන්නේ එතුමාගේ ෆේස්බුක් පිටුව. ඒ පිටුව වර්ග කරලා තිබෙන්නේ දේශපාලන පිටුවක් විධියට. තමන් දේශපාලනය නොකරනවා නම් තමන්ගේ ෆේස්බුක් පිටුව දේශපාලන කාණ්ඩයේ තබා තිබෙන්නේ ඇයි?

අනේ මම දන්නේ නෑ. මගේ හතුරන් මටත් හොරෙන් දේශපාලන පිටුවක් පටන් අරන් කියලා එතුමන්ට උත්තරයක් දෙන්න ඉඩ තියෙනවා . එතුමට මේක දන්නේ නැහැ තොත්ත බබා කියලා නම් පැනලා යන්න දෙන්න බැහැ. 2017 අප්‍රේල් 14 දා අර කුණු කන්ද කඩා වැටුණු දා ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන දේශපාලන ෆේස්බුක් පිටු අතරට පොලිස්පතිතුමාගේ පිටුවත් එකතු වෙනවා.

Facebook වල ඒ වන විට වේගයෙන්ම වර්ධනය වන දේශපාලන පිටු අතර පස්වෙනියට සිටිනවා පූජිත ජයසුන්දර මැතිතුමා. අන්තර්ජාල අපරාධ ඒකකයක් තිබෙන බුද්ධි අංශ තිබෙන පොලිස්පතිතුමා තමන් පිළිබඳ ඉතාම ජනප්‍රිය ෆේස්බුක් පිටුවක් පවත්වාගෙන යනවා කියා දන්නේ නෑ කියනවා නම් ඒක බොරු.

මේ දේශපාලන පිටුව එතුමාගේ නම් නිල ඇඳුමේ සිට දේශපාලනය කිරීම පිළිබඳ එතුමාට දඬුවම් කළ යුතුයි. ඒ පිටුව එතුමාගේ නොවේ නම් වහාම ඒ පිටුව පවත්වා ගෙන යන අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට එතුමා කටයුතු කළ යුතුයි. ඔය දෙකෙන් මොකද්ද ‍වෙන්නේ කියා අපි බලා සිටිනවා.

– අරවින්ද අතුකෝරල

33 views

One Comment to “පොලිස්පති නිල ඇඳුමෙන්ම දේශපාලනයේ වේගවත් ගමන අරඹයි.. නෑ කියනු බැරි සාක්‍ෂි මෙන්න..”

  1. එක්නැලිගොඩ says:

    මොනව උනත් කොන්ද කෙළින් තියාගෙන බය නැතුවම කුජිතයට කුජිතවෙලා යන්නනම කියල දාන්නේ උදය මන්ත්‍රිතුමා තමයි. පුජිතය කුජිත වෙන්න කෙලින උදයට අපේ හද පිරි මෙව්ව එක.

Main News