පොලිස්පති පූජිත ජනපති ඝාතන කුමන්ත‍්‍රන චෝදනා එල්ල වන නියෝජ්‍ය පොලිස්පති සමග කැලණියේ ආශිර්වාද බෝධි පුජා…

September 19, 2018 at 10:40 am | lanka C news
පොලිස්පති පූජිත ජනපති ඝාතන කුමන්ත‍්‍රන චෝදනා එල්ල වන නියෝජ්‍ය පොලිස්පති සමග කැලණියේ ආශිර්වාද බෝධි පුජා…

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන හා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ ඝාතන කමන්ත‍්‍රණයක් සිදු කල බවට චෝදනා එල්ල වී ඇති නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා කැලණිය විහාරස්ථානයේදී පෙරේදා දිනයේ පොලිස්පතිවරයා සමගින් බෝධි පූජාවක් පවත්වා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා සදහන් කරයි.

මන්ත‍්‍රඅිවරයා සදහන් කරන්නේ එවන් පොලිස්පතිවරයකු යටතේ අදාල චෝදනා එල්ල වී ඇති නියෝජ්‍ය පොලිස්පතිට එරෙහි පරීක්ෂණ අපක්ෂපාතීව සිදු නොවන බවයි.

මෙම පොලිස්පතිවරයා සමග පරික්‍ෂණ කල නොහැකි බවත් ඔහු ධුරයෙන් ඉවත් කර පරීක්‍ෂණ කර ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් මන්ත‍්‍රීවරයා පැවසීය.

පාර්ලිමේන්තුවේදී අදහස් පල කරමින් මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියේය.

108 views