පොලිස්පති පූජිත ජනාධිපතිට විරුද්දව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි..

May 29, 2019 at 6:45 pm | lanka C news
පොලිස්පති පූජිත ජනාධිපතිට විරුද්දව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි..

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට විරුද්දව පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කර ඇත.

ඔහු එමගින් ඉල්ලා සිටින්නේ තමන් පොලිස්පති ධුරයෙන් අනිවාර්ය නිවාඩු යැවීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය ක‍්‍රියාත්මක කිරීම අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසයි.

පාස්කු ඉරිදා දියේ එල්ල වූ බෝම්බ ප‍්‍රහාර මාලාව සම්බන්ධයෙන් කලින් තොරතුරු ලැබුනද එය වැලැක්වීමට කටයුතු නොකලේ යයි පූජිත් ජයසුන්දර මහතා පොලිස්පති ධුරයෙන් අනිවාර්ය නිවාඩු යවා සී.ඩී. වික්‍රමරත්න මහතා වැඩබලන පොලිස්පති ධුරයට ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබීය.

109 views
Main News