පොලිස්පති-හේමසිරි අත්අඩංගුවට ගැනීම වැරදියි.. චෝදනා පදනමක් නෑ.. යම් යම් අයගේ මනදොළ සපුරන්න අධිකරණයට බැහැ..- අධිකරණය කියයි..

July 9, 2019 at 2:10 pm | lanka C news
පොලිස්පති-හේමසිරි අත්අඩංගුවට ගැනීම වැරදියි.. චෝදනා පදනමක් නෑ.. යම් යම් අයගේ මනදොළ සපුරන්න අධිකරණයට බැහැ..- අධිකරණය කියයි..

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අඟහරුවාදා (ජූලි 09) නියෝග කළාය.

මනුෂ්‍ය ඝාතනයන්ට අදාළ චෝදනා මත අත්අඩංගුවට ගැනුණු ඔවුන් දෙදෙනා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදා හරිනු ලැබුවේ, ඇප ඉල්ලීම සම්බන්ධයෙන් වූ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.

එම තීන්දුව ප්‍රකාශ කිරීමට පෙර ඔවුන්ට එරෙහි චෝදනා පිළිබඳ නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය දීර්ඝ පැහැදිලි කිරීමක් කළාය.

ඇය එහිදී ප්‍රකාශ කළේ, නීතිපතිවරයා විසින් හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දරට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 296 වන වගන්ති ප්‍රකාරව ගොනු කර ඇති මිනීමැරීම් චෝදනා පදනම් විරහිත බවය.

“පොලිසිය ඉල්ලා සිටින නිසා ම හෝ වෙනත් පාර්ශවයක මන දොළ සපුරාලීමට යමෙකු බන්ධනාගාරගත කළ නොහැකි,” බව හිටපු අග්‍රවිනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායකගේ අධිකරණ වාර්තාවක් උපුටා දක්වමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අධිකරණය හමුවේ ප්‍රකාශ කළාය.

මෙහිදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය පෙන්වා දුන්නේ, අදාළ රජයේ නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔවුන්ගෙන් ප්‍රකාශයක් හෝ සටහන් කර ගැනීමෙන් තොරව බවය.

ජනාධිපතිවරයා විසින් පත් කරන ලද පරීක්ෂණ මණ්ඩලයක වාර්තාවක් පදනම් කරගෙන ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවත් එම පරීක්ෂණ මණ්ඩල වාර්තාව නීතිමය වාර්තාවක් නොවන බවත් ඇය පෙන්වා දුන්නාය.

බුද්ධි අංශ විසින් සපයන ලද තොරතුරු කිසිවක් නිශ්චිත තොරතුරු නොවන අතර එම තොරතුරු අනුව ක්‍රියාමාර්ග නොගැනීම නිසා හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර බෝම්බ ප්‍රහාරයට වගකිව යුතු බවට ගොනු කර ඇති චෝදනා පදනම් විරහිත බව ද මහේස්ත්‍රාත්වරිය උදාහරණ සමගින් පැහැදිලි කළාය.

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ජූලි 09 වෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කළේ, ජූලි 03 වෙනිදාය.

එදින ඉදිරිපත් කළ ඇප ඉල්ලීමේ තීන්දුව ජූලි 09 වෙනිදා ප්‍රකාශයට පත් කිරීමට තීන්දු කර තිබිණි.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ ජූලි 03 වෙනිදා කරුණු දක්වමින් කියා සිටියේ අදාළ සැකකරුවන් දෙදෙනාට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 296, 298, 327, 328, 329 සහ 410 යන වගන්ති යටතේ චෝදනා ඉදිරිපත් කරන බවය.

296 වගන්තිය මනුෂ්‍ය ඝාතනයන්ට අදාළ චෝදනා බැවින් එම චෝදනා ඉදිරිපත් කරන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ 294 වගන්තිය පදනම් කරගනිමින් බවට ඔහු එහිදී නීතිමය තර්ක ඉදිරිපත් කළේය.

මෙහිදී හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න පෙන්වා දුන්නේ තම සේවාදායකයන්ට 296 වගන්තිය යටතේ චෝදනා එල්ල කිරීමට ඔවුන් වරදක් කර නොමැති බවය.

එමෙන් ම, ලද බුද්ධි වාර්තා පදනම් කරගෙන තම සේවාදායකයන් තමන්ගේ වගකීම් ඉටුකර ඇති බව ඔහු කරුණු සහිතව විස්තර කළේය.

අඟහරුවාදා (ජූලි 09) ඇප ඉල්ලීම් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ, 296 වන වගන්තියට අමතරව අනෙක් චෝදනා ද පිළිගත නොහැකි බව පෙනී යන බවය.

– BBC

67,174 Viewers

17 Comments to “පොලිස්පති-හේමසිරි අත්අඩංගුවට ගැනීම වැරදියි.. චෝදනා පදනමක් නෑ.. යම් යම් අයගේ මනදොළ සපුරන්න අධිකරණයට බැහැ..- අධිකරණය කියයි..”

  1. Sadda says:

    පාස්කු ඉරිදා පල්ලි ගිය උන් ඔක්කෝම අත් අඩංගුවට ගත්තොත් නරකද?, අනිත් උන් ඔක්කෝම නිදොස් කොට නිදහස් කරලා.

    • SL says:

      225+ 1 උගුඩුවො ටික ඒකත් කරනවා පුලුවන්නම්.රට නන්නත්තාර වෙලා තියෙන්නේ කිසිම වගකීමක් නැති ,හොරු රැලක් අපිව රවට්ටගෙන පාර්ලිමේන්තු යන නිසා. දැන් ඔක්කොම චන්ද ගන්න පච හලනවා ඇරෙන්න වෙන දෙයක් කරන්නේ නැහැ . දැන් මාස ගානක් තිස්සේ අරලිය ගහමන්දිරේ දන්සැල්

      • Me3 says:

        225+1 දාගෙන ඔය එන්නේ කොහාටද කියල කාටවත් ම තේරෙන එකක් නෑ කියල හිතුවද?

        • Norata Eka says:

          225 දාගෙන එන්නෙ ඉතින් රතු අලි පැටවු මිසක් වෙන කවුරුද 🤔🤔

          • Rata Wenuwen says:

            කොහොමද? රනිල් බාප්පාගෙ කපටි මොලේ, රටේ අපවාදයෙන් බෙරෙන්න අහින්සක ජනතාවගේ නාමයෙන් තවත් අහින්සකයන් දෙන්නෙක් අතඩන්ඟුවට ගත්තා, එතැන ඩීල් එකක් ඇතිබව දැන් මනාවට පැහැදිලියි, මහා උලුගෙදර බෝඩිමේ ඉදලා ආපසු එන්න කියල මේකා උපදෙස් දිලා, මෙකා කාධිනල් තුමාටත් කොලේ වහලා ගැහුවා, ඔන්න මගෙ වැඩේ හරියට කොලා, අධිකරනය ඒ අය බේරුවට මට කරන්න දෙයක් නැහැ, හරිද ! ලබනවර චන්දේදි පුජිත ගුඇන්පී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට , මෙන්න කැට රනිල් බාප්පා අපව සහා කාදිනල් තුමාව මොඩයන්ට අන්දවා ඇත

  2. akila says:

    Respect our judiciary. She had refereed to a court paper of former CJ Shirani Bandaranaike . Who sent her home.?

    • විස්කි මැඩම් says:

      නඩුත් හාමුදුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ. අධිකරණය එදත් අදත් ක්‍රියාත්මක වුනේ දේශපාලුවන්ට අවශ්‍ය විදිහට.

      ආණ්ඩුවට අවශ්‍ය නම් ඇතුලට දානවා.
      ආණ්ඩුවට අවශ්‍ය නම් එළියේ තියනවා.

      ආණ්ඩුවට අවශ්‍ය නම් තියා ගන්නවා.
      ආණ්ඩුව අවශ්‍ය නම් ගෙදර අරිනවා.

      “යහපාලනය” යනු පරණ දේ ඊටත් වඩා වැරදි විදිහට ඉදිරියටත් කරගෙන යන්න ගහපු නිකම්ම නිකම් බොරු ලේබලයක් පමණයි.

  3. HENA says:

    amma ta hudu.. menna foram wela…

    kade gihin athi wela…

  4. Anu says:

    නියත වශයෙන්ම ඉතාම හොඳ පැහැදිලි කිරීමක් වගේම නීතියේ ආදිපත්‍ය දේශපාලුවන්ට ඕන විදියට පාලනය කල නොහැකි බව ඉතා ඍජුව පෙන්වා දීම අගය කල යුතුයි. චඳය ලඟනිසා තමන් අක්මැති අයට මෙන්ම අභියෝගයක් වන අයව හිරේ දැමීම මේ අයගේ පුරුද්ද​.

    • Norata Eka says:

      මේ සියල්ල නාට්‍යයක්, එහි පිටපත ලියවී අවසන්, පිටපත අනුව නාට්‍යය රග දැක්වෙනව , එච්චරයි…

  5. Final Countdown says:

    පාහරයෝ 225ක් මිලියන 20ක් පාලනය කරනවා…
    කාදිනල්තුමා මේ ඔක්කොටම හොඳින් කිව්වා බැහලා යන්න කියලා…එය ජනතාවගේ විනිශ්චය බවත් උන් වහන්සේ කිව්වා..දෙවියන් වහන්සේගේ කෝපය ජනතා නැගිටීමක් ලෙස උඹලා වෙත පතිත වේවි කියලයි ඒ කිව්වේ.

    • Gayantha says:

      කාදිනල්ටත් පිස්සුනේ. නැති දෙය්යෙක් ගැන බයිලා කියවන්නේ.

    • නාගානැන්ද says:

      මූ කියන්නෙ පට්ටපල් බොරු!
      කාදිනල් තුමා 225 ටම අස්වෙන්ඩයි කිව්වෙ නෑ, එතුමා කිවුවෙ යහපාලන ආණ්ඩුව අසාර්ථකයි, ඒ නිසා ඉල්ලා අස්වී රට පාලනය කිරීමට හැකියාව සහ පලපුරුද්ද තියෙන කණ්ඩායමක් පත්කර ගන්ඩ ඉඩ දෙන්ඩ කියල විතරයි.

  6. Gone gota says:

    Adikaranayata balayak na…

    Inne ponna vinisuru waru.. Thamage rakiyava hariyata karanna konda pana na…

    Lajjai…..

  7. Norata Eka says:

    මේ සියල්ල නාට්‍යක්, එහි පිටපත ලියවී ඉවරයි . පිටපත අනුව රගදැක්වෙනවා, එච්චරයි …

  8. asdfg says:

    me lanka jayarathna menawiyama neda yahapalana anduwala apu dawas wala vipakshe kattiya ho gala, samaharunge manadola sapuranta kudu kale, me wesa gani dan me monawada kiyanne mechchara minissu marenta arapu ewunta.. $$ talk..

Main News