පොලිස් අණට පයින් ගසා උතුරේ කොටි සොහොන් එලිකරති..

August 22, 2017 at 6:48 pm | lanka C news
පොලිස් අණට පයින් ගසා උතුරේ කොටි සොහොන් එලිකරති..

මන්නාරමේ අඩම්පන් පොලිසියේ දැඩි විරෝධය නොතකා හිටපු කොටි ක්‍රියාකාරීන් පිරිසක්‌ මන්නාරමේ අල්කඩ්ඩායි කොටි සුසාන භූමිය සුද්ධ පවිත්‍ර කිරීමේ සිද්ධියක්‌ අනාවරණය වේ.

වල්බිහි වී ඇති මෙම කොටි සුසාන භූමිය සුද්ධ කිරීමට ක්‍රියා කර ඇත්තේ හිටපු කොටින්ගේ පක්‍ෂයකි.

කොටි සංවිධානය තහනම් නිසා එම සුසාන භූමිය සුද්ධ පවිත්‍ර කිරීමෙන් වළකින ලෙස අඩම්පන් පොලිසිය දුන් උපදෙස්‌ ප්‍රතික්‍ෂේප කළ හිටපු කොටි එම සුසාන භූමිය පවිත්‍ර කිරීම තම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්‌ බව පවසා පහනක්‌ දල්වා සැමරීමේ මෙහෙයුමක්‌ පවත්වා ඇත.

ශ්‍රී මහ බෝධිය අවට ප්‍රදේශයට ත්‍රස්‌ත ප්‍රහාරයක්‌ එල්ල කර බැතිමතුන් 200 කට අධික පිරිසක්‌ ඝාතනය කළ වික්‌ටර් නමැති මන්නාරම් කොටි නායකයා මිනිදන් කර ඇත්තේද මෙම සුසාන භූමියේ බව හෙළි වී තිබේ.

– දිවයින

76 views
Main News