පොලිස් අණ නොතකා ගියාම ඉස්සරත් වෙඩි තිවුවා.. දැනුත් වෙඩි තියනවා.. – හෙල උරුමය

October 23, 2016 at 7:06 am | lanka C news
පොලිස් අණ නොතකා ගියාම ඉස්සරත් වෙඩි තිවුවා.. දැනුත් වෙඩි තියනවා.. – හෙල උරුමය

යාපනයේ කොකුවිල් කුලප්පිඩ්ඩි මංසන්ධියේදී සිදුවූ පොලිස් වෙඩි තැබීමකින් යාපනය සරසවියේ සිසුන් දෙදෙනකු මියයාම සම්න්ධයෙන් අදහස් දැක්වීම සඳහා පැවැත්වූ මාධ්‍ය හමුවක් ජාතික හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විනි.

එම අවස්ථාවට එම පක්ෂය වෙනුවෙන් ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා සහ ජාත්‍යන්තර හා ආරක්ෂක කටයුතු ලේකම් දර්ශන ජයනෙත්ති සහ මධ්‍යම කාරක සභික නීතිඥ ටියුඩර් පෙරේරා යන අය සහභාගීවූහ.

මෙහිදී අදහස් දැක්වූ නිශාන්ත වර්ණසිංහ මහතා විසින් ප්‍රකාශ කළේ යාපනයේ අපරාධ මෙහෙයුමක් ක්‍රියාත්මක වන අතරතුර සාදයකට සහභාගීවී ආපසු නිවස බලා ගමන් කරමින් සිටි යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනකු පොලිස් අණ නොතකා යතුරු පැදිය ධාවනය කිරීමේදී පොලිසිය විසින් වෙඩිතැබීමෙන් තරුණයන් දෙදෙනකු මියයාම සම්බන්ධයෙන් රටතුළ සාකච්ඡාවක් ඇතිවී තිබෙන බවත් පළමුව එම අවාසනාවන්ත සිදුවීමෙන් මියගිය සිසුන්ගේ පවුල් වලටත් ඔවුන්ගේ මරණය නිසා දුකට පත් යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන්ටත් කණගාටුව ඵලකර සිටින බවත් ප්‍රකාශ කරන ලදි. එමෙන්ම මෙලෙස මාර්ග බාධක යොදා අපරාධ මෙහෙයුම් පැවැත්වෙන අවස්ථාවක පොලිස් අණ නොතකා ධාවනය කරන ලද රථවාහන සඳහා වෙඩිතැබීම මීට පෙරත් සිදුවී ඇති බැවින් මෙය යම් නිශ්චිත ජනවර්ගයක් ඉලක්ක කොට සිදුකරන ලද ක්‍රියාවක් ලෙස හුවාදැක්වීම කිසිලෙසකත් අනුමත කළ නොහැකි බවද එම සිදුවීම දේශපාලනීකරණය නොවිය යුතු බවද ඒ මහතා විසින් වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදි.

එහිදී අදහස් දැක්වූ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා –

මෙවැනි වෙඩි තැබීම් මීට පෙරත් සිදුවෙලා තියෙනවා. අපට මතකයි 1988 වර්ෂයේදී ප්‍රකට කලාකරුවකු වූ සාජන් නල්ල තම්බි (නිහාල් සිල්වා) මේ වගේම පොලිස් අණ නොතක රිය ධාවනය කිරීමේදී වෙඩි තැබීම නිසා මරණයට පත්වුනා.  ඒ වගේම තවත් වරක් මාතර ප්‍රදේශයේ වෛද්‍යවරයෙක් වූ කණ්ඩම්බි මහතාත් තම බිරිඳ සමඟ මෙලෙස පොලිස් අණ නොතකා රිය ධාවනය නිසා වෙඩි තැබීමට ලක්වුනා.  ඒ නිසා මේ අවස්ථාවේ අප දැඩිව අවධාරණය කරන්නේ නීතිය සෑම දෙනාටම එක හා සමානව ක්‍රියාත්මක වියයුතුයි. දෙමළ නිසා මුස්ලිම් නිසා හෝ සිංහල නිසා නීතිය අඩුවෙන් හෝ වැඩියෙන් ක්‍රියාත්ම නොවිය යුතුයි. යාපනයේ සිද්ධියක් වුවත් කොළඹ සිද්ධියක් උනත් එහෙම නැතුව මඩකලපුවේ මන්නාරමේ වුනත් ලංකාවේ කුමන ස්ථානයක වුවත් නීතිය එකම ආකාරයට අදාල වියයුතුයි කියන එකයි

මෙම අවස්ථාවේදී පොලිසිය කටයුතු කළ ආකාරය සම්බන්ධයෙනුත් අපේ විවේචනයක් තියෙනවා. ඇත්තටම පොලිසිය මෙහිදී මුලින්ම සත්‍ය ප්‍රකාශ කළා නම් මේ සිදුවීම සමාජය තුළ මෙලෙස අවධානයක් දිනා ගන්නේ නෑ. මේ සිසුන් මියගියේ අනතුරක් නිසා කියලයි පොලිසිය මුලින්ම ප්‍රකාශ කලේ. නමුත් අද පරීක්ෂණ වලින් හෙළිවෙලා තියෙනවා මේ සිසුන් මියගොස් ඇත්තේ වෙඩිපහරට ලක්වීම නිසා කියලා. ඊට අමතරව පොලිස් නිළධාරින් 05 දෙනකුගේ වැඩ තහනම් කිරීමත් ඔවුන්ව අත්අඩංගුවට ගැනීමත් සිදුවෙලා තිබෙනවා.

මේ වගේම තවත් සිදුවීමක්  සිලාවතුර හා කල්පිටිය ප්‍රදේශ වලින් පසුගිය සතිය තුළම වාර්තා වුනා.  අද වනවිට මුළු රටටම වසංගතයක් වෙලා තියෙන කේරළ ගංජා  නැමති මත්ද්‍රව්‍ය සිලාවතුර, කල්පිටිය,  මීගමුව දක්වාවූ වෙරළ තීරය හරහා රට තුළට ගෙනඒමේ ජාවාරමක්  සිදුවන බවට තොරතුරු වාර්තා වෙලා තියෙනවා. ඒ අනුව නාවික හමුදාවත් පොලිසියත් එක්ව මේ ප්‍රදේශ වල විශේෂ මෙහෙයුම් සිදුකෙරෙමින් පවතිනවා. මේ මත්ද්‍රව්‍ය වැටලීම් මෙහෙයුම් අතරතුරදී සිලාවතුරේ අරිප්පුව නැමති ප්‍රදේශයේදී ගම්වාසී ධීවරයින් කිහිපදෙනකු විසින් පරික්ෂණ කටයුතු වල යෙදී සිටි නාවික හමුදා නිළධාරීන්  තුන් දෙනෙකුට ඉතාමත් බරපතල ලෙස තුවාල වන තෙක් පහරදී තිබෙනවා. මේ නාවුක නිළධාරීන් විසින් තම අනන්‍යතාව හෙළි කරද්දීත් පහරදීම නතර නොකළ නිසා අවසානයේ අහසට වෙඩිතබා පණබේරා ගැනීමට මේ නිළධාරීන්ට සිදුවෙලා තියෙනවා. මේ පහරදීමට මුල්වූ ධීවරයන් සියලු දෙනා කතෝලිකයින් වෙනවා.  ඒ වගේම ඒ අවස්ථාවේදී  ප්‍රදේශයේ ප්‍රභූන් සහ විශේෂයෙන්ම කතෝලික පූජකවරු කටයුතු කළ ආකාරය පිළිබඳව අප ඉතා කණගාටුවට පත්වනවා.  මේ පහරදීම සම්බන්ධ පුද්ගලයින් 06 දෙනෙක් මේ වනවිටත් අත්අඩංගුවට ගැනීම හා කතෝලික පූජකවරයකු සමාව අයැඳ තිබෙනවා. අපිට ලැබී ඇති තොරතුරු අනුව එල්.ටී.ටී.ඊ. සංවිධානය බලවත්ව පැවති කාලයේ එම සංවිධානයට සම්බන්ධව කටයුතු කළ කතෝලික පූජකයින් සහ පුද්ගලයින් කිහිපදෙනෙක් තමයි මේ විදියට අත්තනෝමතිකව කටයුතු කරලා තියෙන්නේ. මෙලෙස නාවික හමුදාවට කටයුතු කිරීමට ඉඩනොදී කවුරුන් හරි නාවික හමුදාවේ කටයුතු වලට බාධා පමුණනවා නම් එය රටේ ජාතික ආරක්ෂාවට එරෙහිව සිදුකරන දෙයක් විදියටයි අප සලකන්නේ. ඒ නිසා මේ සම්බන්ධයෙන් කඩිනමින් පරික්ෂණ පවත්වා තරාතිරම නොබලා දඩුවම් කළයුතු බවට අප රජයට යෝජනා කරනවා.

ඒ වගේම අතිගරු ජනාධිපතිතුමත් ගරු අග්‍රාමාත්‍යතුමත් පුනපුනා නොයෙක් තැන්වල පවසනවා බුද්ධාගමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබාදී ඇති ප්‍රමුඛත්වය ඉවත් කරන්නේ නැහැයි කියලා. අප එය පළමුව ඉතා අගය කරනවා. නමුත් මෙතන තියෙන ප්‍රශ්නය තමයි එතුමන්ලා  කියන දෙයයි ප්‍රායෝගිකව සිදුවන දෙයයි අතර පරස්පරයක් තිබීමයි.

පසුගිය දිනවල මඩකලපුවේ වාකනේරි ගම්මානයේ පන්සල කඩලා දාලා පන්සල සතු ඉඩම බලහත්කාරයෙන් අල්ලා ගැනීමට අන්තවාදී කණ්ඩායමක් කටයුතු කරලා තියෙනවා. මේ ගමේ තාමත් සිංහල පවුල් අසූවක් ජීවත් වෙනවා. ඔවුන්ගේ ආගමික කටයුතු ඉටුකරලා තියෙන්නේ මේ පවුල් වල දරුවන්ගේ සාරධර්ම ප්‍රවර්ධනය කරන දහම් පාසැල පවත්වාගෙන ගිහිල්ලා තියෙන්නේ මේ පන්සලෙන්.  මේවා සිදුනොවිය යුතු දේවල් බව සියලුදෙනා අවබෝධ කරගත යුතුයි.  ඒ වගේම මීට පෙර අවස්ථා ගණනාවකදී අප විසින් මාධ්‍ය සාකච්ඡා ගණනාවක් පවත්වා ප්‍රකාශ කළ පරිදී අද වනවිට උතුරු සහ නැගෙනහිර දෙපළාතේ විශාල වශයෙන් පවතින බෞද්ධ නෂ්ටාවශේෂ වලට සහ විහාරස්ථාන වලට අනාරක්ෂිත භාවයක් ඇතිවෙලා තිබෙනවා. අද නාගදීප පන්සලේ  බුද්ධ ප්‍රතිමාව ඉදිකිරීමට විරුද්ධව යෝජනාවක් උතුරු පළාත් සභාවේ යෝජනාවක් සම්මත කරලා තිබෙනවා. ඒ වගේම මුලතිව් වැලිඔය කෝකිලායි ගමේ සම්බෝධි විහාරයේ පන්සල ඇතුලේ බුදු පිළිමය හදන එකටත් විරුද්ධව ඇතැම් දෙමළ දේශපාලඥයින් කටයුතු කරනවා. බුදු දහමට ප්‍රමුඛස්ථානය දෙනවා කියලා අපි දිවුරා පොරොන්දු වුනාට වැඩක් නැහැ මහපොළවේ ක්‍රියාත්ම වන්නේ ඊට වඩා වෙනස් දෙයක් නම්. ඒ නිසා අපි ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් යෝජනා කරනවා ආගමික නිදහස තහවුරු කිරීම පිණිස ප්‍රායෝගිකව කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා.

දර්ශන ජයනෙත්ති මහතා –

යාපනයේ සිදුවීම වෙලා තියෙන්නේ ඊයේ අළුයම් කාලයේදීයි. ආරක්ෂක වළල්ලක් තුළදී වාහනයක් නවත්වන්න නියෝග කළවිට තරාතිරම නොබලා සෑම කෙනෙක්ම ඒ අණට අවනත විය යුතුයි කියන එක නීතියක්. මේ ශිෂ්‍යයන් ඒ අවස්ථාවේ පොලිස් අණ නොතකා කටයුතු නොකිරීම නිසයි මේ අනතුර සිදුවී තිබෙන්නේ. අපි දන්නවා පසුගිය කාලයේදී කොළඹ නගරය තුළත් මෙවැනි පොලිස් වෙඩිතැබීම් සිදුවුනා. ඒ අවස්ථා වලදී මංකොල්ලකරුවන්, මත්ද්‍රව්‍ය තැරැව්කරුවන්, පාතාල සාමාජිකයන් බොහෝ ප්‍රමාණයක් මියගියා. ඒ නිසා මෙවැනි සිදුවීම යළි නොවන්නට නම් නීතියට ගරුකරන ආකාරය ගැන දරුවන්ට කුඩා කාලයේ පටන් උගන්වන්න වැඩිහිටියන් හා දෙමාපියන් ලෙස අප තරයේ මතක තබාගත යුතුයි.

ඒ වගේම නාවික හමුදාවේ නිළධාරින් තිදෙනාට පහරදීම සම්බන්ධයෙන් කථාකිරීමේදී පැවසිය යුතු වැදගත්ම දේ තමයි පසුගිය මාස හයතුළ පමණක් නාවික හමුදාව විසින්  ආරුප්පු , සිලාවතුර, මොල්ලිකුලම්  යන ප්‍රදේශවල සිදුකල මෙහෙයුම් වලදී කේරළ ගංජා කිලෝ 170ක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. ඒ වගේම සමස්තයක් ලෙස යාපනයේ සිට මන්නාරම දක්වා මුහුදු තීරයේ කේරළ ගංජා කිලෝ 1000 (මෙට්‍රික් ටොන් 01ක් ) නාවුක හමුදාව භාරයට අරන් තිබෙනවා. මේ තියෙන්නේ ලංකාව තුළට ගෙන එන ප්‍රමාණයෙන් වැටලීම් කළ ප්‍රමාණය පමණයි. සංඛ්‍යා ලේඛන වලට අනුව මේ වැටලීම් වලට හසුව ඇත්තේ ලංකාවට ගෙනඑන කේරළ ගංජා වලින් සියයට 10ක් පමණයි. ඉතිරි සියයට 90ම තවමත් රට තුළට පැමිණෙනවා. ඒ නිසා කළයුතු වන්නේ මේ වැටලීම් කරන නිළධාරීන්ට පහරදීම නොව එම මෙහෙයුම් සිදුකිරීමට ඔවුන්ට ජනතා සහයෝගය ලබාදීමයි.

මාධ්‍ය ඒකකය,
ජාතික හෙළ උරුමය.

20 views

7 Comments to “පොලිස් අණ නොතකා ගියාම ඉස්සරත් වෙඩි තිවුවා.. දැනුත් වෙඩි තියනවා.. – හෙල උරුමය”

  1. කර්තේලිස් ආතා says:

    ඉතිං පුතේ රිය අනතුරක් වෙලා පැනල ගියහමත් ඉස්සර අත්අඩංගුවට ගත්ත නෙව. ඒවගෙම තුවාල සිදුවෙන අකාරයට කෙනෙකුට පහර දුන්නහමත් (Assaulting) ඉස්සර අත්අඩංගුවට ගත්තා.

  2. සිසිර says:

    ගෙම්බෙක් ගිය උඩක්, මේ මනුස්සයාට අමතිකම කොර ගන්න බැරිව මහ ඇමති ඉසුර නැවත ඇමති දූරය පවරගත්ත. එහෙව් එකා මාද්‍ය සාකච්ඡා තියලා පරන නිව්ස් අලුත් කරනවා. මේව දැමීම වැඩක්ම නැති දෙයක්.

  3. Kolitha says:

    Oya Mariana dekata Màhida Rajapashawa patalawa ganna widiyak nathida…..mala karume
    eun oya wada walata dakshaine…..

    • tommy says:

      Kolitha 2014 August maasaya obata mathaka nathida. JHU visin MRta sahayogaya deeemata kalayuthu karunu wagayak idiripath kala. MR saha Basil Balayen mathwa siti nisa JHU sathapahakata ganan gatthe na. namuth UNP pramuka sandhanaya samaga owunta ewakata ekaga weemata puluwan wuna. namuth mata mathakai JHU eka kihipa warak MR ta nawatha salaka balana men danum dunnatha MR sathapahakata ganan gatthe na. eya hithuwaa aniwa dinai kiyala.
      Mewa MR wihin karagattha dewal. Ayeth Rohitha, Jonney, Mahindananda, basil, Mervin dik karagena naannai yanne.
      Mun wapiruwoth mun labei thala wepuruwoth thala labei. LOL

      • suji says:

        kavuda me booru tommiya. oya mathak karala thiyena minissu umbata waha wunata, honda watina minissu. ranila wage newei

  4. LORD says:

    මේකා නීතිය හැමෝටම එක වගේ කීවට ඕනම එකෙක් දන්නව ලංකාවේ පොලීසිය මොන වගේද කියන්ඩ, තමන්ගේ රෙද්ද පල්ලෙන් වැටෙන එක දකින්නේ, නැතුව වෙන එඋන්ගේ දේවල් ගැන කියන්ඩ මාධ්‍ය සාකච්චා තියනව, ඉදකින් විතරක්….

  5. helaya says:

    නීතිය හැම කෙනාටම එකයි කියල වර්ණ ගන්වපු සිංහය කිව්වට නීතිය නමන තැන් ඕන තරම් තියනව ඕන නම් ඔප්පු කරලම පෙන්නන්න පුළුවන්.
    *කොල්ල හප්පල ඔත්පල කල එකාව තාම ඇල්ලුවෙ නැහැ.
    *ක්ලබ් එක කඩපු කොල්ලව තාම ඇල්ලුවෙ නැහැ.
    *කොල්ල උස්සපු ඩිෆෙන්ඩර් කෙල්ලට තාම මොකුත් කලේ නැහැ.
    *සක්මන් මළුව ගලවපු ව්‍යාඝ්‍රයව තාම ඇල්ලුවෙ නැහැ.
    *විල්පත්තුව කාපු එකාව තාම ඇල්ලුවෙ නැහැ.
    *මහ බැංකුව හිස් කරපු එවුන්ව තාම ඇල්ලුවෙ නැහැ.
    ****ඒ කියන්නෙ උන් එකෙක්වත් නීතියට ගරු කරල නැහැ.
    ****ඒ කියන්නෙ උන්ගෙ දෙමව්පියො,වැඩිහිටියො උන් පොඩි කාලෙදි උන්ව දැනුවත්
    කරල නැහැ.
    ****ඒ කියන්නෙ උන්ගෙ දෙමව්පියන්ටත් ඒ ගැන දැනුවත්කමක් නැහැ.
    ****ඒ විතරක් නෙවෙයි වර්ණ ගන්වපු සිංහයයි,දර්ශණයක් නැති ජාත්‍යන්තර
    ජයනෙත්තියි කට මැත දෙඩුවට උනුත් මේ ගැන දැනුවත් වෙලා නැහැ…

Main News