පොලිස් අණ නොතකා දේශපාලන දියණිය ඩිෆෙන්ඩරයෙන් ඉගිල්ලේ…

December 13, 2016 at 2:10 pm | lanka C news
පොලිස් අණ නොතකා දේශපාලන දියණිය ඩිෆෙන්ඩරයෙන් ඉගිල්ලේ…

ප‍්‍රබල දේශපාලඥයෙකුගේ 22 හැවිරිදි රූමක් දියණියක් මාර්ග නීති හා පොලිස් අණ තුට්ටුවකට නොතකමින් කොළඹ නුවර පාරේ ඩිෆෙන්ඩර් රථයක් නොනවත්වා ධාවනය කර ඇත.

රථය පසුපස කිලෝමීටර ගණනාවක් හඹා ගිය නිට්ටඹුව පොලිස් රථවාහන නිලධාරීන් දෙදෙනෙක් පස්යාල හන්දියේදී රථය නවත්වා ගැනීම සමත්ව ඇති අතර එහිදී රිය පැදවූ තරුණිය තමන් අදාල දේශපාලඥයාගේ දියණිය බවත් සිදුවීම ගැන සමාව ඉල්ලන බවත් සදහන් කර තිබේ.

කෙසේ වෙතත් ඇගේ රියදුරු බලපත‍්‍රය පොලීසිය බාරයට ගෙන ජනවාරි 02 වැනිදා අධිකරණයේ පෙනී සිටින බව දන්වා තාවතාලික රියදුරු බලපත‍්‍රයක් දී ඇය මුදා හැර ඇත.

22 views
Main News