පොලිස් ආරක්ෂාව නැතිවීමෙන් පාරිභෝගික කටයුතු අධිකාරියේ වැටලීම් අඩාලයි…

December 13, 2018 at 12:40 pm | lanka C news
පොලිස් ආරක්ෂාව නැතිවීමෙන් පාරිභෝගික කටයුතු අධිකාරියේ වැටලීම් අඩාලයි…

පාරිභෝගික අයිතින් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

උත්සවසමය ආරම්භවීමත් සමග කූට ව්‍යාපාරිකයින් විසින් පාරිභෝගිකයින් ගසා කෑම ආරම්භ කොට ඇත. ජනාධිපතිවරයා පවසන්නේ හිගයක් නොමැතිව අත්‍යාවශ්‍ය භාණ්ඩ පාරිභෝගිකයින්හට මිලදී ගැනීම සදහා කටයුතු සලසන ලෙසයි.එහෙත් මේ වන විට පාරිභෝගික කටයුතු අධිකාරියේ විමර්ෂණ නිළධාරීන්ට ඇති වී ඇති ජීවිත තර්ජන හේතු කොටගෙන නිසි පරිදි වැටලීම් කිරීමට එම නිළධාරීන් උත්සුක නොවීම නිසා පාරිභෝගික කටයුතු අධිකාරියේ වැටලීම් අඩපන වී ඇත. ඊට ආසන්නම සිදුවීම වන්නේ කෑගල්ල නගරයේ වැටලීමකට ගිය පාරිභෝගික කටයුතු අධිකාරියේ නිළධාරීන්ට පහර දීමක් සිදු කිරීමයි.

වැටලීම් නිසියාකාරව කර ගෙන යාම සදහා පාරිභෝගික කටයුතු අධිකාරියේ විමර්ශණ නිළධාරීන්ට පොලිස් ආරක්ෂාව ලබා දෙන ලෙස ඉල්ලීමක් අප සංවිධානය විසින් මීට ඉහතදී කර තිබුනු අතර තවම එම අවශ්‍ය ආරක්ෂාව ලැබී නොමැත.

මෙරට පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව සැලසීමට පිහිටුවා තිබෙන එකම ආයතනය වන පාරිභෝගික කටයුතු අධිකාරියේ විමර්ශණ නිළධාරීන්ට වැටලීම් කිරීම සදහා අවශ්‍ය පොලිස් ආරක්ෂාව ඉක්මනින් ලබා දෙන ලෙස අප බලධාරින්ගෙන් ඉල්ලා සිටින අතර එසේ ආරක්ෂාව නොලැබුනහොත් මෙරට පාරිභෝගිකයා පීඩාවට පත්වන බවද දන්වා සිටිමු.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

5,579 Viewers
Main News