පොලිස් කොමිසමේ ලේකම් හෙටට කලින් අත්අඩංගුවට ගන්නැයි නීතිපති දන්වයි..

July 18, 2019 at 3:00 pm | lanka C news
පොලිස් කොමිසමේ ලේකම් හෙටට කලින් අත්අඩංගුවට ගන්නැයි නීතිපති දන්වයි..

ජාතික පොලිස් කොමිසමේ ලේකම්වරයා ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් වරිය හෙට දිනයට කලින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී ඇත.

මෙම දෙදෙනා අත්අඩංගුවට ගන්නැයි දන්වා ඇත්තේ ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමේ සිදුවීමටයි.

මේ අතර තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බව පවසමින් අපේක්ෂිත ඇප ලබාදෙන ලෙස ඉල්ලමින් පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා ඉදිරිපත් කර තිබූ ඉල්ලීමක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

26,541 Viewers

3 Comments to “පොලිස් කොමිසමේ ලේකම් හෙටට කලින් අත්අඩංගුවට ගන්නැයි නීතිපති දන්වයි..”

  1. Watchman says:

    Senadhipathi accuses Navy officers of supplying weapons to ISIS and Al Qaeda
    He further stated that reason why these information was not disclosed earlier was because he was not willing to embarrass Sri Lanka Navy.

    • කවුද බෝයි says:

      කවුද ඒ කාලේ ආරක්ෂක ලේකම් ? … අපේ බුද්ධි අංශ තව්හිද් ජමාත් එකට පඩි ගෙව්වා වගේ ISIS එකට රිංගලා උන්ගේ රහස් ගන්න කරපු සුපිරි සැලැසමක් වෙන්න බැරිද මේක? රොබට් බ්ලේකම කිව්වා ගෝටාගෙන් ඉගෙන ගන්න කියලා…බ්ලේක් මෙහේ නාවික හමුදාවත් එක්ක මේ කාලේ ඉදලම ලොකු සම්බන්දතාවයක් තියාගෙනයි ඉන්නේ.කරන්නාගොඩ යන්තම් බේරිලා ඉන්නෙත් බ්ලේක් මැතිදුට පින්සිදු වෙන්නයි.බ්ලේක්ට අධිකරණයත් සරෙන්ඩර්.සමහරැ අත්අඩංගුවට පත් නොවී සිටීමේ රහස දැන් එලිවෙලා.

  2. Nandasoma says:

    පකිස්ලන්තයේ නීත්‍යාධිපති, රාගයෙන් මඬනා ලදුව, අන් සියල්ලන්ටම ද්වේශ සහගත අන්දමින් නීතිය කණ බිම ගෑවෙන පරිදි නමමින්, නීතියේ දෙවඟන කෙලෙසීම අරබයා නිර්වස්ත්‍රව රඟ දක්වන සැබෑ නාඩගම දෙස එකී ලන්තයේ හුදී ජනයා ආහ්ලාදයෙන් බලා සිටින්නාහුය……!

Main News