පොලිස් ඩමියට අල්ලස් දුන් තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට…
January 4, 2019 at 12:40 pm | lanka C news
වවුනියාව යාපනය ඒ-9 පාරේ පිහිටුවා තිබූ පොලිස් ඩමියට අල්ලස් ලබා දෙන අන්දම නිරූපණය කරමින් අන්තර්ජාලයට වීඩියෝවක් නිකුත් කළ වවුනියාවේ පෞද්ගලික මූල්‍ය ආයතනයක සේවකයින් දෙදෙනෙකු ඊයේ (03) දින වව්නියාව පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.
පොලිස් රථවාහන අංශය මගින් වවුනියාව යාපනය පාරේ මෙම ඩමිය ස්ථාපිත කරණ ලද්දේ රියදුරන්ගේ වේගය සීමා කිරීමේ හා රියදුරන්ගේ අවධානය යොමු කරවීමේ පියවරක් වශයෙනි.
එහිදී අදාල පොලිස් ඩමිය ඉදිරියට ගිය එක් තරුණයෙකු පොලීසියට අල්ලස් ලබා දෙන අන්දම නිරූපනය කරමින් ඩමියට උසුළු විසුළු කරමින් හැසිරෙන අන්දමේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලය වෙත යොමු කොට තිබුණි. මේ පිළිබදව අවධානය යොමු කළ වවුනියාව පොලීසිය මෙම සිද්ධිය ජෙයෂ්ඨ පොලිස් නිලධාරීන්ට දැන්වීමෙන් පසුව එම දර්ශන වීඩියෝ ගත කරණ ලද පුද්ගලයාත් දර්ශන වලට පෙනීසිටි පුද්ගලයාත් අත් අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇත.
පොලීසිය සමච්චලයට ලක් කිරීම, පොලීසියට අපහාස කිරීම, මහජනතාව තුළ පොලීසිය පිළිබදව වැරදි චිත්‍රයක් නිර්මාණය කිරීම හා පොලීසියට අල්ලස් ලබා දීම සදහා ජනතාව පෙළඹවීම යන චෝදනා ඔවුන් දෙදෙනා වෙත ඉදිරිපත් කරමින් වවුනියාව පොලීසිය එම තරුණයින් දෙදෙනාව අත්අඩංගුවට ගෙන වවුනියාව දිසා අධිකරණය ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ
වැරදි චිත්‍රයක් නම් නෙමෙයි , කවුරුත් දන්නා නිවැරදි ක්‍රමය තමා පෙන්වා තියන්නේ
විහිළුව ඇස්රතු වෙන එකක් වෙන්නත් පුලුවන් අනික් අයට හොද පාඩමක්
Wade waradi
eth awawadayak deela nidahas karanna
Dan maha horuth nidahas eke meka lunu bikak ne
මහ බැංකුව කොල්ල කෑවටත් වඩා භයානක වරදක් කරලා තියෙන්නේ.
දාන්න ඇප නැතුව හිරේ
ඔය අල්ලපු වේගෙන්ම මහ බැංකු කොල්ලයේ මහ එකාවත් අල්ලමුකෝ….
කොයි මහ බැංකු හොරාද ??? 2007 – 2015 එකාද නැත්නම් 2015 මහ බැංකු හොරාද ???
Those boys are trying to show the truth.
What is the point of hiding the truth.
My salute to those young people.
ඉල්ලං කන්න නම් දෙමල එවුන් තරම් දක්ෂ නැ කවුරුවත්.