පොලිස් නිලධාරිනියගේ රන් මාලය හොරෙන් කඩාගෙන පනී..

November 13, 2019 at 2:04 am | lanka C news
පොලිස් නිලධාරිනියගේ රන් මාලය හොරෙන් කඩාගෙන පනී..

සංවිධානාත්මක ලෙසින් යතුරුපැදියෙන් ගොස් වව්නියාවේ මාල කඩන කල්ලියක් වටලා එහි ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත බවට වව්නියාව පොලිස් නීතිය බලගැන්වීමේ ඒකකය පවසයි.

වව්නියාව පූවර්සන්කුලම් ප්‍රදේශයේ රාජකාරී කටයුතු වල නිරත වෙමින් සිටි කාන්තා පොලිස් නිලධාරිනියකගේ මාලය අදාල සැකකරු විසින් යතුරුපැදියකින් කඩාගෙන යාමෙන් පසුව නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීන් විසින් සිදු කරන ලද පරික්ෂණයකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු මීට පෙර මාල 10 ක් පමණ කඩා ඇති අතර අදාල මාල කැඩීමෙන් පසුව සැකකරු එම රන් මාල උණු කොට විකිණීමේ ව්‍යාපාරයක් වශයෙන් සිදු කොට ඇති බවට පොලීසිය විසින් අනාවරනය කොට ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

3,729 Viewers
Main News