පොලිස් නිලධාරියා මිය ගොස් ඇත්තේ රත්වත්තේ පුත‍්‍රයා පැදවූ ඩිෆෙන්ඩරයේ හැපීමෙන්.. ඔහු සිට ඇත්තේ බීමතින්..

June 14, 2020 at 10:22 pm | lanka C news
පොලිස් නිලධාරියා මිය ගොස් ඇත්තේ රත්වත්තේ පුත‍්‍රයා පැදවූ ඩිෆෙන්ඩරයේ හැපීමෙන්.. ඔහු සිට ඇත්තේ බීමතින්..

කොළඹ ජාතික රෝහලේදී ලක්‍ෂ 79 මුදලක් කොල්ලකෑ වෛද්‍යවරයා හඹා ගොස් අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා රිය අනතුරකට පත්ව ඇත්තේ දේශපාලන ජාති පුත්‍රයෙකු විසින් බදවන ලද රථයක ගැටිමෙන් බව හෙළි වී ඇත.

අදාළ පොලිස් නිලධාරියා සහ තවත් පොලිස් නිලධාරියෙකු ගමන් ගත් යතුරු පැදිය ඉකුත් 11 වන දා කොළඹ හැව්ලොක් ප්‍රදේශයේ දී ඩිෆෙන්ඩර් රථයක ගැටීම හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් පසු අද දිනයේ මරණයට පත්විය.

අදාල ඩිපෙන්ඩර් රථය පදවා ඇත්තේ මේ නීති සිසුවෙකු වන අශාන් තරින්ද කටුගහ රත්වත්තයි.

මෙම පුද්ගලයා අනුරුද්ධ රත්වත්ත පවුලේ ඥාති පුත‍්‍රයෙකු වන අතර රිය පදවන අවස්ථාවේ බීමතින් යුතුව සිට ඇති බව පොලිසිය සඳහන් කරයි.

රිය අනතුර සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති ඔහු හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

කෙසේ වෙතත් පොලීසිය සඳහන් කරන්නේ රිය අනතුරු සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා විට ඔවුන්ගේ ඥාති සබඳතා ගැන සොයා බැලීමක් සිදු නොකරන බවයි.

අදාල අනතුර සම්බන්ධයෙන් සියළුම කටයුතු නීත්‍යානුකූල සිදු කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කලේය.

532 views

30 Comments to “පොලිස් නිලධාරියා මිය ගොස් ඇත්තේ රත්වත්තේ පුත‍්‍රයා පැදවූ ඩිෆෙන්ඩරයේ හැපීමෙන්.. ඔහු සිට ඇත්තේ බීමතින්..”

  1. malee says:

    මම මේ නිකමට අහන්නේ
    අර දොස්තර නෝනා කොහෙද දැනෙන නැහැ නේද දැන්
    අර බීල ගිහින් පොලිස් නිලධාරියෙක්ගේ පව්ලම නැති කරේ

    • Subo says:

      අපූරුවට මීගමුව පැත්තේ රජයෙයි පුද්ගලික වයි බේත් දෙනව…දවසට ලක්ෂ දෙකක් විතර හොයනව

  2. Sunil says:

    හොරු අල්ලන දකෂ බුද්ධිමත් බුද්ධි නිලධාරියකු වෙනූවට හොරු බේරගන්න බේබදු ලෝගුකාර කාලකන්නියෙක් රටට ඉතිරි විය. මෙවැනි වැරැද්දකට පසු ඔහුට නිති සම්බන්ධ කිසිම රැකියාවක් කල හැකිද?

  3. Harsha says:

    Lankawe beemathin wahana padawa, minihek marunoth eka Loku case ekak newe. Wadima unoth license eka awuruddakata cancel wey. Deshpalane one na, Salli thiyanawa nam, Honda lawyer kenek innawa nam, pora gedara.
    Lankawe neethi wenas wenna one. Meka involuntary manslaughter wena Rataka nam. 😔

  4. MD says:

    HAMA DEYAKATAMA DEMAPIYAN WADIHITIYAN ALLAGENA OWUNATA DOS KIYANA EKA API STOP KARAMU.GEDARA LASSANATA KAMARAYATA WELA INNA DUWA PUTHA PHONE EKEN YANA DURA ADA INNA DEMAPIYANTA KOHETHMA TERUMA GANNA BAHANE.

  5. Dev says:

    ලන්කාවෙන් බිහි උන දක්ශම රගර් ක්‍රීඩකයෙක්. මත් පැන් නිසා ජීවිත දෙකක් නැති උනා.

  6. Lasantha says:

    cctv දර්ශනය අනුවනම් මෙම පොලිස් නිලධාරීයාට එකවරම මාර්ගය හරහා මෝටර් සයිකලය නොදමා මදක් නැවතී විමසා බලා දැමිය යුතුව තිබුණි. මෙය අත්දැකීම් අඩු ධාවන අත්දැකීම් සහ නොසැලකිලිමත් ධාවන විලාසයක් ඇති අයගේ පොදු හැසිරීමකි. අනික මෙය රාත්‍රී කාලයේ නිසා එසේ මදක් නැවතී ප්‍රධාන මාර්ගයේ එන වාහන ගැන විමසා බලා දැම්මානම් බීමත් මෝඩයා මොන දෙසින් කුමකින් ආවත් තමාගේ වටිනා ජීවිතය බේරා ගත හැකිව තිබුණි.

  7. MSD officer says:

    මේකා මේ චානුක රත්වත්ත පෝරිසාදයාගේ පුත්‍රයා නොවැ. මට තවම මතකයි මහින්දානන්දයාගේ පුතා බීලා එළවලා බොරැල්ල oic ව මරපු වෙලාවේ පාන්දර 3ට ඇවිත් සිරිසේන නැගිටිනකම් දොරකොඩ ළඟ ඉඳලා උදේ 6:32ට සිරිසේන ළඟ වැඳ වැටිලා අනේ සර් මගේ දරුවා බේරලා දෙන්න සර් වෙනුවෙන් මම ඕනෑම දෙයක් කරනවා කියලා බැගෑපත්වුන හැටි. හැබැයි සිරා කෙලින්ම කියපි හරි මම වැඩේ කරලා දෙන්නම් හැබැයි තමුසේ මට ගරහන එකයි නින්දා අපහස කරන එකයි වහාම නවත්තන්න ඕනේ කියලා. මිනිහා එදා ඉඳලා සිරා ගැන මීක් කිව්වේ නැහැ. ඒ වෙලාවේම සිරා IG කතාකලා. IG පොලිසියෙන් ගෙවපු නීතිග්නහොරු යවලා මිනිහව බේරලා දුන්නා. චන්දෙන් පස්සේ කැබිනට් අමෙතිකම් වලට ස ගේ කට්ටිය දාන්න ඕනේ නිසා ලොහාන් මහත්තයට කැබිනට් අමෙතිකමක් ලැබෙන එක නැතිකරන්න මේ වැඩෙන් ලේසියෙන්ම පුළුවන්. ඔන්න ඔහමයි රටේ වැඩ කිඩ

  8. උක්කුං මල්ලී says:

    පාට පක්ෂ භේදයකින් තොරව ඉහල ඇවරියේ උන් බේරේනවා. සාඩින් වහල්ලු යි පැකනිල් වහල්ලු යි බොරුවට මරාගන්නවා.

  9. Asoka says:

    සිරිසේන හිටියානම් ලංකාවේ ඩිෆෙන්ඩර් තහනම් කරනවා.

Main News