පොලිස් නිලධාරියෙක් පාසුල් සිසුවියකට අතවර කරලා.. අත්අඩංගුවට.. වැඩ තහනම්..

March 6, 2021 at 5:30 pm | lanka C news
පොලිස් නිලධාරියෙක් පාසුල් සිසුවියකට අතවර කරලා.. අත්අඩංගුවට.. වැඩ තහනම්..

වයස අවුරුදු 13ක් වන පාසල් සිසුවියකට ලිංගික අතවර කළ බවට චෝදනා එල්ල වී ඇති පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කර තිබේ.

ත්‍රිකුණාමලය නිලාවේලි පොලිසියට අනුයුක්තව රාජකාරි කරන ලද 35 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකු මෙසේ වැඩතහනම් කර අත්අඩංගුවට ගෙන ඇත.

දැරියගේ මව විසින් කරන ලද පැමිණිල්ලක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

පොලිස් කොස්තාපල්වරයා කිසිවකු නිවසේ නැති අවස්ථාවක නිවසට ගොස් මෙම 13 හැවිරිදි දැරියට අතවර කර ඇති බව මව විසින් කරන ලද පැමිණිල්ලේ දැක්වේ.

33,530 views

6 Comments to “පොලිස් නිලධාරියෙක් පාසුල් සිසුවියකට අතවර කරලා.. අත්අඩංගුවට.. වැඩ තහනම්..”

  1. 😅😅😅😅😅😅 says:

    දූෂනය මඩින්නටම පොලිසියක් ඇත්තේ
    පොලිසිය ලාංචනය මාරුම කර නැත්තේ
    ඇඳුමට සැලුට් ගහලා වැඩත් බාර ගත්තේ
    ඔය වැඩ කලාම තරු දී එස් අයි වී ඇත්තේ

  2. එල්ලෙයිද? says:

    මෙයත් එල්ලෙයිද?

  3. පුට්ටුවෙ කසල ශෝදකක් කාපෙරුම says:

    කොනත් එක්කම ජුන්ඩා කපලා දාලා ..අල්ලා ට බාර කරමු. එතකොට අවු 13 ප්‍රශ්නයක් නැහැ. පල්ලියෙන් වගේම නීතියෙ නූත් රැකවරණය ලැබෙනවා. දැන් මොලේ කල්පනා කරා නම් හරි.

    • ජඩතාවගේ හරක් කම says:

      උඹනම් අමු මී හරකෙක්. උඹ දරුවෙක් ව දූෂණය කළා කියල ගෑණියෙක් පැමිණිල්ලක් දැම්මොත් නඩු අහන්නත් කළියෙන් තොපේ ජුන්ඩා කැපුවාම හරිද? උසාවියෙන් ඔප්පු වෙන තුරු කවුරුවත් වැරදි කාරයෙක් නෙමේ ජඩයෝ.

  4. නිකමා says:

    යස්මින් සූකා ගෙ අපතයො ගාන වැඩි වෙන්නයි යන්නෙ .

  5. RED BULL says:

    පොලිසියට බැරිද දහ අට පනිනකම් පොලිස් නොකර ඉන්න​.

Main News