පොලිස් නිලධාරීන් පත් කිරීම දේශපාලනීකරණය වෙලා.. සෞභාග්‍යයේ දැක්ම අතහැර පිස්සු කෙලිනවා..

September 23, 2021 at 3:00 pm | lanka C news
පොලිස් නිලධාරීන් පත් කිරීම දේශපාලනීකරණය වෙලා.. සෞභාග්‍යයේ දැක්ම අතහැර පිස්සු කෙලිනවා..

අද වන විට පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු ඉහළ නිලයන්ට පොලිස් නිලධාරීන් පත්කිරීම දේශපාලනීකරණය වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කරයි.

දේශපාලඥයන් පොලිසියට අත පෙවීම නීතිය හා සාමය රැකීමට විශාල බාධාවක් බවත් මෙම තත්වය ප්‍රජාතන්ත්‍රවාදී රටකට නොගැලපෙන්නක් බවත් ඔහු පෙන්වා දෙයි.

මෙවැනි දේට සම්බන්ධ වෙන අය දෙකට බෙදී ඒ ගැන රටම ඇහෙන්න කෑ මොර ගැසීම වඩාත් කණගාටු කාරණාවක් යයිද ඔහු පැවසීය.

මෙම ක්‍රමවේදය දැන්වත් වෙනස් කර ජනතාව ඡන්දය ලබාදුන් සිස්ටම් එක ක්‍රියාත්මක කළයුතු බවද කී ඔහු සෞභාග්‍ය දැක්මට පණ දීම දැන්වත් කළ යුතු බවද සඳහන් කළේය.

සෞභාග්‍යය දැක්මෙන් මිදී පිස්සු කෙලියොත් ජනතාව ඉදිරියේ දී අපි ගැන ගන්නා තීරණය බොහෝම බරපතල වනු ඇතැයි ද ඔහු තවදුරටත් පැවසීය.

ඔහු මෙම අදහස් පළ කළේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ දී පැවති මාධ්‍ය හමුවකදීය.

23,795 views

13 Comments to “පොලිස් නිලධාරීන් පත් කිරීම දේශපාලනීකරණය වෙලා.. සෞභාග්‍යයේ දැක්ම අතහැර පිස්සු කෙලිනවා..”

  1. Silva says:

    බොරු පඩ ෂෝ කාරයෙක්

  2. දොස්තර එලියන්ත බ්ලැක් says:

    චන්දිමට හැදිල තියෙන්නෙ ලෙඩක්… මේ ලෙඩේ නම තමයි ඇමතිකම්නොලැබීමීයා කටමැදදොඩමීමියා.. (Amathikamnolabimeea katamedadodameemea) මේකෙ ලක්ෂන තමයි රජය කරන වැරදි වැරදි ලෙස විවේචනය කිරීම (ඉතා හොදයි විය යුතු දෙයක්) රජය අවාරෙට මෙන් කරන හොදත් විවේචනය කිරීම….

    • ගෞම් ඊයාරාජ් says:

      මේ රජය විවෙචනය නොකරන කොට්ඨාශ තුනයි ඉන්නේ
      1. කම්බ හොර ඇමැටි සහ නිවට නියාලු නිලධාරීන්.
      2.ගජමිතුරු මාෆීයාව.
      3.පහලම ස්ථරයේ ඉන්න අමූ පුන්නක්කු වහල් රැළ.
      මේ රටේ ඉන්න සාතිශය බහුතරයක් ජනතාවට මේ පාණ්ඩුව ශාපයක් , ඉස්සර රාජ්‍ය නායකයෙක් පිටරට ගියහම උද්ඝෝෂණය කරන්නේ කොටි ඩයස්පෝරාව , දැන් රට විරුවෝ සිංහ කොඩි දාගෙන. රට විරු ගායත් සනීපයි දැන්.

      • MD says:

        මේ රජය විවේචනය කරන කොට්ඨාශ තුනයි ඉන්නේ.
        1.වසලයෝ
        2.දේශදෝහියෝ
        3.නරුම කරුමයෝ

  3. ලංකාදීප says:

    චන්දිම පිස්සු කෙලිනවා..

  4. ගාල්ලෙ කොල්ලෝ says:

    චන්දිම කියන කතාව හරි. ඌ බය නැතිව රාජපක්ෂලාට Attack කරනවා. අනික් එවුං බයේ ගල්ගිල්ලා වගේ ඉන්නවා. මූවගේ කීපදෙනෙක් ඉන්න එක ලොකු දෙයක්. දැන් ගාල්ලෙ මිනිස්සු චන්දම ගැන කතාකරනවා. උගේ එඩිතරකමට කැමතියි. අනෙක් ඇමතිවරැ රහසෙ රාජපක්ෂලාට බැන්නට, චන්දිම එළිපිටම ගේම දෙනවා. චන්දිමගෙ ඡන්ද පදනම වැඩිවෙනවා මිසක අඩුවෙන්නේ නෑ.

  5. Lahiru says:

    Pujitha pakaya polisisya kawa. Hena gahapan umbata mawa Direct ASP interview eken kapuwa.

  6. Chamil Ananda says:

    moo nam maha puduma hithe amaruwakin inne.. mu aniwaryen pissek wela thamai natharawenne

  7. රාජන් says:

    ඉන්න තැන පහරගෙන ඒවා පාග පාග ගඳයි කියන්නේ නැතිව එලියට ඇවිල්ලා පිරිසිදු වෙයං ච.වීරක්කොඩි.
    ඔයාට ඒකට කොන්ද පන නෑ ! විසිල් විතරයි ! කෝ බල්ටි ?

  8. ගොන්තඩියෝ සව් බාගේ නෙවෙයි නෙවෙයි....සීනි කාලේ..... says:

    හාල් පාරුවෝ. ඇගේ ඉදන්ම කණ කනවැඩ කොරන්නට එපා. තෝ බලූ මැක්කෙක් නේ.

    • MD says:

      ඉන්න බැරි නම් දොර ඇරලා ඇත.වැඩේ කියන්නේ ඇරලා තිබුණත් නොයන ඵකනේ.ඵ්කත් හරි කියන්නේ යන්නේ කොහාටද?මාධ්‍ය සංදර්ශන නොදා කන තැන නොපාහාරා ඉන්න.මේ මුලු ලෝකයටම බලපාන රුදුරු වසංගතයක්.ලෝකයේ බලවතා දණගස්සපු වසංගතයක් වූනාට අභීත සෙන්පති රණවිරුවන් ඉන්න අපේ රට ඵහෙම වුනාද?කන ඵකයි බොන ඵකයි විතරද ජීවිතය කියන්නේ.ඔයාලා කවදාවත් සැහිමකට පත්වන්නේ නැ.අවුරුදු දෙකකට කලින් දුවලා දුවලා මොනවද කලේ කියලා දැන්වත් හිතන්න.පිස්සු බල්ලෝ වගේ දිව්වා දිවිල්ලක් මගේ අම්මෝ

  9. saman says:

    මුල ඉදලම මේකට කිව්වේ සවු භාගේ කියලා.

Main News