පොලිස් නිලධාරීයෙක් වෙඩිතබාගෙන සියදිවි හානිකරගනී…
July 4, 2018 at 8:02 am | lanka C news
යාපනය කන්කසන්තුරෙයි පොලිස් වසමේ සේවය කරනු ලබන පොලිස් කොස්තාපල් වරයෙකු රාජකාරි කරමින් සිටියදී සිය ගිනි අවියෙන් වෙඩිතබාගෙන මිය ගොස් ඇති බවට කන්කසන්තුරෙයි පොලීසිය කියා සිටියේය.
කන්කසන්තුරෙයි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයේ ආරක්සක රාජකාරී කටයුතු කරමින් සිටි පොලිස් කොස්තාපල් 91757 අංක දරන එන්.නසීර් නැමති පොලිස් නිලධාරියා මෙසේ ඔහුගේම ගිනි අවියෙන් වෙඩිතබාගෙන සියදිවි හානි කරගෙන ඇත.
වෙඩිතබාගැනීමෙන් පසුව බරපතල තත්වයේ සිටි පොලිස් නිලධාරීයා රෝහලගත කිරීමෙන් පසුව මිය ගොස් ඇති අතර වෙඩිතබාගැනීමට හේතුව මෙතෙක් හෙලි වී නොමැති අතරම පෞද්ගලික හේතුවක් නිසා වෙඩිතබාගන්නට ඇති බවට පරික්සණ සිදු කරන කන්කසන්තුරෙයි පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.
– වන්නි රොමේෂ් මධුෂංඛ