පොලිස් නිළධාරීන්ගෙ වත්කම් හා ආදායම් වහා ප්‍රසිද්ධ කරන්න..

May 30, 2017 at 3:50 pm | lanka C news
පොලිස් නිළධාරීන්ගෙ වත්කම් හා ආදායම් වහා ප්‍රසිද්ධ කරන්න..

පොලිස් නිළධාරීන්ගෙ වත්කම් හා ආදායම් වහා ප්‍රසිද්ධ කරන්න ලෙස දන්වන ලෙස සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය විසින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටී.

මේ බව සදහන් කරමින් එම සංගමය විසින් ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති ලිපිය මෙසේය.

අතිගරු ජනාධිපතිතුමා,
ජනාධිපති මන්දීරය,
කොළඹ.

ගරු ජනාධිපතිතුමනී,

පොලිස් නිළධාරීන්ගෙ වත්කම් හා ආදායම් වහා ප්‍රසිද්ධ කරන්න

යහපාලනය පත්වු දවසේ සිට පොලිසියට ලැබි ඇති නිදහස අවභාවිතා කරමින් රථවාහන පොලිසිය රටතුල ඇති ප්‍රායෝගික නැති නීතීන් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිඛෙනවා. මේ තුල පිඩාවන්ට පත්වන ජනතාවගෙන් පොලිස් නිලධාරින් බොහෝවිට සිදුකරන්නෙ තේ බීමට කියා අල්ලස් මුදල් ලබාගැනීමක් හෝ අරක්කු බෝතලයක් ලබාගැනීම, පොලිසියේ අධි බලැති යතුරුපැදි සදහා ටයර් ලබාගැනීමක් ය. එවන් අවස්ථාවල රියදුරන් වාදයකට පැමිනයහොත්, ඔවුන් ප්‍රායෝගික නැති නීතිය තුල ඔවුන්ව අසරණ කොට උසාවි මාර්ගයෙන් දඩුවම් කරයි. අධි බැලැති යතුරුපැදි නිවස්වලින් ගෙනගොස් ඔවුන් කියනා මුදල (ලක්ෂ ගණනක්) නොදුන්නොත් මාධ්‍ය තුල මහා වීරයන් වී එම යතුරුපැදි රාජ සන්තක කිරීමට ඔවුන් පියවර ගන්න බව යතුරුපැදිකරුවන් කවුරුත් දන්නා කාරනාවකී.

මෑතකදී පොලිසිය යතුරුපැදිකරුවන්ට පමනක් ක්‍රියාත්මක කරන මුල් ආකෘතිය වෙනස් කිරීම යටතේද යතුරුපැදිකරුවන්ගේ සයිලන්සරයද, කකුල් ආරක්ෂාවට සවිකරනා උපකරණ ද, ප්‍රමිතියක් නැති යතුරුපැදිවල මූලික පහනෙ ආලෝකය වැඩි කිරීමට නව තාක්ෂණයෙන් යුක්ත බල්බ යොදාගැනීමද මුල් ආකෘතිය වෙනස් කිරීම යටතේ රු. 50000 දඩයකට යටත් කෙරූ හා යටත් කිරීමට උත්සාහ කෙරූ අවස්ථා වාර්තා වී තිබේ. ඇතැම්විට යතුරුපැදිකරුවන් ඉන් ගැලවී ඇත්තේ තේ බීමට කියා මුදල් ලබදීමෙන් හා ටයර් ලබාදීමෙන් බව අපට වාර්තා වේ.

ප්‍රායෝගික නොවන නීති නිසා ඇතිවී ඇති දූෂණයකාරී තත්වය මුලු රටටම කැලලක් බවට කවුරුත් පිලිගන්න කාරනාවකී, එම ප්‍රායෝගික නැති නීති වෙනස් කරීමට විශේෂ ජනාධිපති කොමිසමක් පත් කරන ලෙස අපි ඉල්ලා සිටිමු. තවද, මෙම තත්වය පාලනය කිරීමට රථවාහන අංශයේ සේවය කරන සෑම නිලධාරියෙකුගෙම හා ඔහුගෙ පවුලේ අයගේ (දේමාපියන්, සහෝදර සහෝදරියන්, බිරිඳ, ළමුන්) වත්කම්, ව්‍යාපාර, ආදායම්, ගෙවනා වාහන ලීසිං වාරික වාර්තා මාස්පතා ප්‍රසිද්ධ කිරීමට වහා පියවර ගන්නා ලෙසත්, එමගින් යහපාලනයෙන් ලැබු නිදහස තුල පොලිසිය මේ පොඩි මිනිසා පාගන දූෂණය අවසන් කිරීමට පළමු වෙඩිමුරය තබන ලෙසට අපි දැඩි ලෙස ඉල්ලා සිටිමු. එම දූෂිත නිලධාරින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වන මහජන පොලිසියක් පිහිටුවන ලෙසත් අපි ඉල්ලා සිටිමු. නැතහොත් අප සංගමය සමස්ත යතුරුපැදිකරුවන් සමග ඉදිරි මසක කාලයකින් පසු මේ පිලිබඳව දැඩි පියවර ගන්නා බවට දැනුම් දීමට කැමැත්තෙමු.

මෙයට,
චිරන්ත අමරසිංහ,
ලේකම් – සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය

40 views

2 Comments to “පොලිස් නිළධාරීන්ගෙ වත්කම් හා ආදායම් වහා ප්‍රසිද්ධ කරන්න..”

  1. Police State says:

    We need to get published assests of all Police Officers and their families welth to see how they got reched in addition to this

  2. sunimal says:

    පොලිසියට බදවා ගන්න අය දුම්පානය සහා මත්පැන් පානය නොකරන අය පමනක් බදවා ගත යුතුය

Main News