පොලිස් පොකුරක් පිපේ.. යාපනය පොලීසියේ 38කට කොරෝනා…

May 4, 2021 at 5:30 pm | lanka C news
පොලිස් පොකුරක් පිපේ.. යාපනය පොලීසියේ 38කට කොරෝනා…

යාපනය පොලිස් ස්ථානයේ රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් 38 දෙනෙකුට මේ වන විට කොරෝණා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇතැයි යාපනය පොලීසිය පවසයි.

පසුගිය අප්‍රේල් මාසයේ 12 වනදා සිට අද (04) දිනය දක්වා පොලිස් නිලධාරීන් 38 දෙනෙකුට වෛසරය ආසාදනය වී ඇති අතර පළමුව  නිලධාරීන් 09 දෙනෙකුට කොරෝණා ආසාදනය වී  ඇති බවට වාර්ථා වීමත් සමග යාපනය පොලිසියේ අදාල නිලධාරීන් සමීප ආශ්‍රිතයින් පී.සී.ආර්. පරික්ෂණයට යොමු කරන ලදි.

මේ අනුව වරින් වර ගබාගත් පී.සී.ආර්. පරික්ෂණ වාර්ථාවන්ට අනුව ආසාදිතයින් හඳුනාගෙන ප්‍රතිකාර සහ නිරෝධායනයට යොමු කොට ඇති බවටද යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂඛ කාර්යාලය පැවසීය.

යාපනය පොලීසියේ පවතින කොරෝණා අවධානම සැලකිල්ලට ගනිමින් මහජනතාව සමග සහ රාජකාරි කටයුතු වල නිරත වීමේදී දැඩි සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසටද යාපනයේ සෞඛ්‍ය නිලධාරීන් සහ ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් උපදෙස් දී ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

12,185 views

5 Comments to “පොලිස් පොකුරක් පිපේ.. යාපනය පොලීසියේ 38කට කොරෝනා…”

  1. Saradiel says:

    ඉක්මන් සුවය පතමු.

    • JOHN says:

      යාපනේ කොරෝනා පොකුරට වග කිව යුත්තේ TNA සන්ධානයයි ….කොරෝනාවෙන් බේරෙන්න ඉන්දියානුවෝ තොග ගණන් යාපනේට හොරෙන් එන බවට රාවයක් ඇත . .අපේ රටේ කොරෝනා පතුරවා රටේ අගාදයට දැමීමට TNA ඔවුන් සාදරයෙන් පිළිගනී

  2. මාක්ස්වාදී ජෙප්පා says:

    ජෙප්පො සතුටින්. ජෙප්පො ඉන්නෙ ස’ ෆේල් කියන්න ක්‍රමයක් හොයමින්.

  3. පොරමෝලා says:

    ලොකුගේ පොකුරකුත් හැදෙන්න ඉඩ තියෙනවා

  4. nihal says:

    පාර්ලිමෙන්තු පොකුරක් පිපී මුන් ඔක්කොම හැඳි ගෑවිලා යන්නේ කවදාද ?

Main News