පොලිස් බල ඇණි හතරක් රටම පීරයි.. ඥාණසාර හිමි ලෙඩවී රෝහලේ..

May 31, 2017 at 6:48 pm | lanka C news
පොලිස් බල ඇණි හතරක් රටම පීරයි.. ඥාණසාර හිමි ලෙඩවී රෝහලේ..

විශේෂ පොලිස් කණ්ඩායම් හතරක් විසින් අත්අඩංගුවට ගැනීම සදහා රට පුරා සොයමින් සිටියත් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලඩොගඅත්තේ ඥාණසාර හිමියන් මෙතෙක් සොයා ගත හැකි වී නැත.

උන් වහන්සේට රටින් පිටවීමද තහනම් කරමින් අධිකරණය විසින් නියෝගයක් පනවා ඇත.

පොලීසියේ රාජකාරියට බාධා කිරීම, ජාතිවාදය ඇතිවන ප‍්‍රකාශ සිදුකිරීම ආදී කාරණා කිහිපයක් සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීම සදහා පොලීසි විසින් කැදවා තිබුනද උන් වහන්සේ මෙතෙක් ඒ සදහා සහභාගී වී නැත.

මේ අතර අද දිනයේ ඥාණසාර හිමියන්ට එරෙහිව පැවති නඩුවකට උන් වහන්සේ පෙනී නොසිටි අතර උන් වහන්සේ අසනීප තත්ත්වයෙන් රෝහල්ගත කර ඇතැයි නීතීඥවරයා විසින් දැනුම් දුන්නේයෙ.

80 views