පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ හිටපු නිලධාරියෙක් මත්පැන් තොගයක් සමග අත්අඩංගුවට

May 23, 2021 at 2:28 am | lanka C news
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ හිටපු නිලධාරියෙක් මත්පැන් තොගයක් සමග අත්අඩංගුවට

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සේවය අක්‍රිය කරන ලද හිටපු පොලිස් කොස්තාපල් රියදුරෙකු රාජකාරි සමයේ ලබාදී තිබු හැඳුනුම්පත අවභාවිතා කරමින් අලුත්ගම නගරයේ සිට වැලිපැන්න දෙසට බලපත්‍ර නොමැතිව රජයේ අරක්කු බෝතල් 25ක් වෑන් රථයෙන් රැගෙන යමින් සිටියදී දර්ගා නගරය, නාකන්දල ගොඩ ප්‍රදේශයේ දී 21 පස්වරුවේ කළුතර දිසා අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් බව කියයි.

අත්අඩංගුවට සැකකාර පොලිස් කොස්තාපල්වරයා 2019 වසරේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සේවය සිටියදී වැඩ තහනම් වී ඇති අයෙකු බවත් එතැන් පටන් විවිධ කටයුතු වලදී සිය රාජකාරී හැඳුනුම්පත ළඟ තබාගෙන මෙවැනි කටයුතු සිදුකර ඇති බව පරීක්ෂණ සිදුකරන පොලිස් නිලධාරීන් කියයි .

සැකකාර හිටපු පොලිස් කොස්තාපල් වරයා බලපත්‍ර නොමැතිව මෙම මත්පැන් බෝතල් රැගෙන යමින් සිට ඇත්තේ සංචරණ සීමා පැන ඌ පසු එම මත්පැන් බෝතල් වැලිපැන්න පොලිස් වසමේ වල ගෙදර ප්‍රදේශයේදී වැඩි මිලට විකිණීමෙ ජාවාරමකට බව පොලිස් නිලධාරීන් අනාවරණය කරගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් කොස්තාපල්වරයා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරනඋසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ හැඳුනුම්පත අවභාවිතා කරමින් කිසියම් නීති විරෝධී ක්‍රියාවන්හි නිරතවී ඇද්දැයි පරීක්ෂණ සිදුකරන බව කියයි .

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

15,470 views

5 Comments to “පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ හිටපු නිලධාරියෙක් මත්පැන් තොගයක් සමග අත්අඩංගුවට”

  1. මැදමුලනෙ මුත්තා says:

    මෙි කොළුවත් දේශබන්දුගෙ පෑලියගොඩ කණ්ඩායමට භාරදුන්නොත් ආයුධ පෙන්නන්න එක්ක යයි.

  2. Funeral Director says:

    අල්ලපු තොගයෙන් බාගයක් පමනක් නඩු භාන්ඩ ලෙස ඉදිරිපත් කරන ලෙස මම නියෝග කරමි, කියල කියන්න හදන කොටත් වැඩෙි කරලනෙ.
    .

  3. lahiru says:

    ඔය පොලීසියේ කොයිලොක්කගෙත් ආදායම් මාර්ගය ඕක තමා. අල්ලන කුඩු එලිපිට විනාශ කරනව කියුවනේ කවුරුහරි දැක්කද. ගන්ජනම් මීඩියා ශෝ දාල ගිනිතියල එන්නෙ. අනිත්වට වෙනදෙයක් හොයාගන්න නෑ.

  4. Herath Banda Karaliyada says:

    There are large number of Services Men & women culprits behind govt protection under previous govt of so-called good governance and Rule of Law. They are still working on with current rule of Governances under GR & MR administration.These govt servants has to find out and punished by new training programmes of govt workers GR new set of policies. Otherwise corruption being KEY cancer of our governances.

  5. Herath Banda Karaliyada says:

    There are large number of Services Men & women culprits behind govt protection under previous govt of so-called good governance and Rule of Law. They are still working on with current rule of Governances under GR & MR administration.
    These govt servants we have identified and punished them by new training programmes of that govt workers inspired by that GR new set of policies. Otherwise corruption being KEY cancer of our governances. On going management will be failure to deliver nothing by in coming years end of term of GR ….?
    We are view that Corruption and Good governance cannot be together at once. What will happen governances of so-called ” Democracy” will be fail end with new political castrophany and disorder of Island society.

Main News