ඉහල පවුල්වල පිරිස්වලට පොලිස් මූලස්ථානයේ එන්නත් ගැසීමක්..
June 10, 2021 at 9:20 am | lanka C news
පිටස්තර පුද්ගලයන් රැසකට පොලිස් මූලස්ථානයේ දී කොරෝනා එන්නත් එන්නත්කරණය සිදුකරන බවට තොරතුරු ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.
දිනකට 300ක පමණක් පිටස්තර පිරිසක් ඉහළ පවුල්වල උදවිය වාහනවලින් ඇවිත් මෙසේ එන්නත් ලබා ගනිමින් සිටින බව තමනට පොලීසියේ නිලධාරීන් පිරිසක් ම දැනුම් දුන් බව ද ඔහු පැවසීය.
දැනටමත් එම ස්ථානයේ එන්නත් 3000ක් පමණක් ලබාදී ඇතැයිද ඔහු පැවසූ ඔහු මේ ආකාරයේ කටයුතු නවත්වා සාධාරණ ලෙස ඒ සිදුකරන ලෙසත් ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.
කොරෝනා වසංගතය හරහා ආණ්ඩුව පෙරලීමට බලාපොරොත්තු නොවන බවත් රට වසංගතයෙන් ගලවාගෙන ජීවත් විය හැකි රටක් හදා ගැනීම තමන්ගේ ද බලාපොරොත්තු වුවත් ඔහු පැවසීය.
මේක සම්පූර්ණ ඇත්ත. ලොකු ලොකු ක්රිකටර්ල නළුවෝ නිළියෝ ප්රභූන් ඒ ගොල්ලන්ගේ යාළුවෝ නෑදෑයෝ ඔක්කොම පොලිම් නැතුව ඇවිත් ගහගෙන යනවා පොලිස් පාක් එකේ. එහෙම නැතුව ත් බැහැ. නැත්තම් ආණ්ඩුවට උදව් කරපු (කඩේ ගියපු) VIP අයට කොහොමෙයි සලකන්නේ. පොලිස් පොඩ්ඩෝ පෝලිමේ ඉන්න කොට මේ ගොල්ලෝ ලෝඩ් ල වගේ එනවා ගහගන්නවා යනවා. එහෙම නොවුණා නම් එක්කෝ මේ රටේ නම කැනඩාව නේත්තනම් එංගලන්තය.
නීතිය යනු ධනවාදයේ කැමත්තයි කියලා පොතක තිබ්බා .
ඉහළ පවුල් කියන්නේ කවුද?
කමක් නැහැ. ඵන්නතේ අතුරුඅබාධ තිබ්බොත් උන් ඉස්සෙල්ලම මැරෙයි.
අර එක රටක් එක නීතියක් කියපු හාදයව දැන් පොලිසියෙන් කුදලන් යයි නේද යාලුවනෙ? බොරු කිව්ව කියල.
හරක් වීරසේකරයා ගාව ඉන්න කුඩ්ඩෝ ටික තමා
මුන් බලයට එන්න ඕනේම බොරුවක් කියනවා ගණන් ගන්න එපා
Ihala pawl kiwwe rata,jathiya,aagama winasa karana awajathaka jathithdrohi hiwaluntada ?
හෙළ ජාතික අභිමානේ…. පාලන කාලය අවසන් කිරීමට පෙර රාජපක්ෂලා මුළු රටේම සම්පත් විනාස කරන්නැයි හදන්නේ … හෙළයිනි උබලා තාමත් මර නින්දේද කැන්දසේන නරියා මේවා රට කාපු මූසල මහින්දගෙ කොන්ත්රාත්. ලබන පාර සජියා ජනපති කරලා අකාර්යක්ෂම ගල්නාමල් විපක්ෂනායක කරන්න