පොලිස් මෙහෙයුම් නොතකයි.. ආපා කල්ලිය යාපනේ යලි පහර දෙයි…

October 10, 2018 at 8:02 am | lanka C news
පොලිස් මෙහෙයුම් නොතකයි.. ආපා කල්ලිය යාපනේ යලි පහර දෙයි…

යාපනය කොණ්ඩාවිල් ප්‍රදේශයේ පිහිටි වෙළඳසැලකට ඊයේ (09) රාත්‍රී 10 ට පමණ ආවා කල්ලියෙන් පහරදීමක් සිදු කොට පලා ගොස් ඇතයි කෝපායි පොලීසිය කියා සිටියේය.

කොණ්ඩාවිල් දුම්රියපල මාර්ගයේ ෂන්මුගම් නඩරරා නැමත්තාගේ එලවළු හා පළතුරු වෙළඳසැලකට මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර එම ප්‍රහාරයෙන් වෙළඳසැලට හානි සිදුව ඇති අතර ප්‍රහාරය එල්ල කිරීමට හේතුව මෙතෙක් හෙලි වී නොමැත.

ෂන්මුගම් නඩරාජා විසින් ප්‍රහාරය එල්ල කිරීමට පැමිණ පිරිස් පිළිබඳව පොලීසියට පවසා ඇත්තේ යතුරුපැදි දෙකකින් පුද්ගලයින් සිව් දෙනෙකු පැමිණි බවටත් පැමිණි පිරිස් මුහුණු ආවාරණය කොට පැමිණි අතරම යතුරුපැදිවලද නොම්මර තහඩු ඉවත් කොට පැමිණි බැවින් පහරදුන් පිළිබඳව කිසිදු හෝඩුවාවක් තමන්ට නොමැති බවටයි.

අදාල පහරදීම් ආවා කල්ලියේ ක්‍රියාවක් බවට සැකකෙරෙන අතරම පහරදුන් පිරිස් සොයා පරික්ෂණයක් අරඹා ඇති බවටද කෝපායි පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

21 views