පොලිස් යතුරු පැදියක් සොරකම් කර කුඩු පැකට් 05කට එය විකුණලා..

May 5, 2020 at 8:01 am | lanka C news
පොලිස් යතුරු පැදියක් සොරකම් කර කුඩු පැකට් 05කට එය විකුණලා..

අම්පේගම, කුසල්කන්දවත්තේ පදිංචි පොලිස් නිලධාරියෙකුට අයත් යතුරු පැදියක් සොරකම් කර එය හෙරොයින් පැකට් 05 කට විකුණන ලදැයි කියන සැකකරුවන් තිදෙනකු බද්දේගම පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට ගන්නා ලද සැකකරුවන් බද්දේගම මහේස්ත්‍රාත් පැල්පොළ මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

සැකකරුවන් විසින් සොරකම් කර ඇත්තේ ඩිස්කවරි, 125 වර්ගයේ යතුරු පැදියකි. එය කුඩු ජාවාරම්කරුවෙකුට විකුණා තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබේ. මෙම යතුරු පැදිය වසර 13 ක් පමණ පැරණි එකක් බවත් එය මේ වන විට රුපියල් ලක්ෂයකට (1,00000/-) අධික වටිනාකමකින් යුක්ත වන බවත් බද්දේගම පොලීසිය කියයි.

සැකකරුවන් අධික ලෙස හෙරොයින් වලට ඇබ්බැහි වී ඇති බවත් ඔවුන් විසින් සොරකම් කරන ලද යතුරු පැදිය විකුණා ඇත්තේ රුපියල් 5000/- ක වටිනා කමකින් යුත් හොරොයින් පැකට් 05 කට බවත් පරීක්ෂණ වලදී තහවුරු වූයේ යැයි බද්දේගම පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. සැකකරුවන් විසින් හෙරොයින් මිළ දී ගැනීම සදහා කරන ලද තවත් හොරකම් රැසක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීම සදහා පරීක්ෂණ පවත්වන බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සදහන් කළේය

– ජයකාන්ත ලියනගේ

134 views

5 Comments to “පොලිස් යතුරු පැදියක් සොරකම් කර කුඩු පැකට් 05කට එය විකුණලා..”

  1. Shanika says:

    Ethakota dan kudu jawaramkaraya polisiyen alluwe nadda?

    • Sun says:

      He is a powerful big boss in the country. No one can catch him as he holds loads of money..

    • SL says:

      සාමන්යෙන් ජාවාරම් කරු සහ පොලිසිය අතර සුහද තා පවතී ,එකනේ කුඩු විකුණන උන් යහතින් කුඩු බිස්නස් එක කරගෙන යන්නේ .

      කුඩු බීපු එකාට අම්ම තාත්ත උනත් වැඩක් නැහැ උට කුඩු ෂොට් එක ලැබෙනවා නම්.තිත්ත ඇත්ත මේක තමයි.

      දැනටමත් ලංකාවේ 100,000.00 වැඩි අවුර් 17-20 අතර තරුණයින් මේවට ඇබ්බැහි වෙලා.

      මොකෙක්වත් නැහැ කුඩු මුදලාලිලා ඉවර කරන්න, දේශපාලකයෝ, පොලිසිය ,බන්ධනාගාරේ හැමතැනම ඉන්නවා මුන්ගෙන් යැපෙන උන්.

      තරුණ ජීවිත විනාශ කරලා ඒවායින් සැප විඳින්න හිතන උන්ට හෙන ඉල්ලනවා ඇරෙන්න වෙන මොනවා කරන්න ද

    • වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

      ලබන ඉරිදා පුවත්පත් බලන්න

    • Sumeeda says:

      ගුවන් තොටුපොලේදී යකා නටපු සක්කිලියාගේ ඇමති තාත්තා කවුද කියා වාහාම හෙලිකල යුතුයි. බොහෝ දෙනෙක් කියනවා මහින්ද අලුත්ගමගේ පුතා කියනව. ප්‍රසන්න රනතුංග ,මහින්ද අමරවීර, විමල් වීරවංශ යන අයගේ නම් සදහන් වෙනවා. මා දන්නා තරමින් වීරවංශ සහ අමරවීරගේ පුතුන් ලංකාවට පැමිනියේ දැනට මසකට කලින්. එම නිසා මේ නම හෙලි නොවී මෙන් අනෙක් ඇමති වරුන්ට කරන බලවත් අසාඩාර්නයක්.

Main News