පොලිස් රියක හැපුනු යතුරුපැදිකරුට බරපතලයි.. පොලිස් රියේ අරක්කු බෝතල්.. උණුසුම් තත්වයක්…

July 7, 2022 at 5:30 pm | lanka C news
පොලිස් රියක හැපුනු යතුරුපැදිකරුට බරපතලයි.. පොලිස් රියේ අරක්කු බෝතල්.. උණුසුම් තත්වයක්…

ධාවනය වෙමින් තිබු යතුරුපැදියකට පොලිස් ජිප් රථයක් ගැටිමෙන් යතුරුපැදිකරු බරපතල ලෙස තුවාල ලබා නුවරඑලිය මහ රෝහල වෙත ඇතුලත් කිරිමෙන් අනතුරුව පොලිසිය සහ මහජනතාව අතර (07) දින පස්වරුවේ දැඩි නොසන්සුන්කාරි තත්ත්වයක් ඇති විය.

(07) දින පස්වරු 4 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ නුවරඑලිය මහනුවර ප්‍රධාන මාර්ගයේදිය.

නුවරඑලිය දෙසට ධාවනය වෙමින් තිබු යතුරුපැදියට අපරික්ෂාකාරි ලෙස එම මාර්ගයට පොලිස් ජිප් රථය ඇතුලත් කිරිමත් සමග පොලිස් ජිප් රථය යතුරුපැදියේ ගැටි මෙම අනතුර සිදු වි ඇත.

අනතුර සිදු වු ස්ථානයට එක්රැස් වු පිරිසක් පොලිස් ජිප් රථය ධාවනය කල පොලිස් නිලධාරින් බිමත්ව සිටි බවටත්, පොලිස් ජිප් රථය තුල මත්පැන් බෝතල් තිබු බවටත් චෝදනා කරමින් පොලිස් ජිප් රථය තුල තිබු මත්පැන් බෝතල් කිහිපයක් ඉවතට ගැනිමට යාමේදි දෙපාර්ශවය අතර මෙම නොසන්සුන්කාරි තත්ත්වය ඇති විය.

අනතුර පොලිසිය විසින් වාර්තා නොකර අනතුරෙන් දැඩි අලාභ හානි සිදු වි තිබු යතුරුපැදිය පොලිස් ජිප් රථයේ නංවා රැගෙන යාමට උත්සහ කිරිමේදි පොලිසිය සහ මහජනතාව අතර දැඩි නොසන්සුන්කාරි තත්ත්වය ඇතිවිය.

මහජනතාවගේ දැඩි විරෝධය හමුවේ සිදු වු රිය අනතුර වාර්තා කිරිමට නුවරඑලිය පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් පියවර ගැණින.

– රංජිත් රාජපක්ෂ

50,598 views

7 Comments to “පොලිස් රියක හැපුනු යතුරුපැදිකරුට බරපතලයි.. පොලිස් රියේ අරක්කු බෝතල්.. උණුසුම් තත්වයක්…”

  1. Lalla says:

    පොලිසියේ ඉන්න කොටසක් තවම හිතන් ඉන්නේ රාජපක්ෂ යුගය රජකරනවා කියල. රට වෙනත් අතකට ගමන් කරමින් ඇති බව බල්ලන්ට වගේ මිනිස්සුන්ට සලකන්න බැරිබව තේරුම්ගෙන නෑ. උන්ට ඒක ඉගැන්වීමට අවශ්‍යයි.

    • බොරු නෙමේ says:

      ඔය පොලෝසියේ මහ උන්දැ සිරන්ති නොනනට මල් කුඩ පලතුරු කුඩ ඇරපු හොරෙක්
      ඒ වට ප්‍රති උපකාර හැටියට තමා මහ පුටුව දුන්නේ ..
      ටිරාන් අලස් මහත්තය මේ ගැන හොයන්න ………
      බොරු නෙමේ ……

  2. ගල් ආරි says:

    මේ කැම්රි පොලිස්කාරයො ගහලා මරන්න එපායැ

  3. Himali says:

    නුවරඑලිය පොලිසියේ ඉන්න කොටසක් තවම හිතන් ඉන්නේ රාජපක්ෂ යුගය රජකරනවා කියල. හිටපු නගරාධිපති දොඩම්පෙගම්ගේ මලයගේ කොලින්වුඩ් රෙස්ටුරන්ට් එකේ රැට බිලා දවල්ට ආණ්ඩුවේ ඉඩම් හොරාට අල්ලනවා

  4. Bandara says:

    Polis ballonta kiyala wadak naha. Un hithan inne un lokko kiyala. Loke anik polisiya minissunta hondin salakanawa

  5. Nature says:

    වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව.

  6. බොරු නෙමේ says:

    ඔය පොලෝසියේ මහ උන්දැ සිරන්ති නොනනට මල් කුඩ පලතුරු කුඩ ඇරපු හොරෙක්
    ඒ වට ප්‍රති උපකාර හැටියට තමා මහ පුටුව දුන්නේ ..
    ටිරාන් අලස් මහත්තය මේ ගැන හොයන්න ………
    බොරු නෙමේ ……