පොලිස් ලොක්කෙක් මත්ද‍්‍රව්‍ය ජාවාරම්කරුවෙක් සමග නිල නිවසේ මත්පැන් සාදයක..

August 18, 2020 at 12:10 pm | lanka C news
පොලිස් ලොක්කෙක් මත්ද‍්‍රව්‍ය ජාවාරම්කරුවෙක් සමග නිල නිවසේ මත්පැන් සාදයක..

වැඩ තහනමට ලක්ව සිටින කිරිදිවැල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා තම නිල නිවසේ දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමඟ මත්පැන් සාදයක් පවත්වා ඇතැයි හෙළි වී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

පාතාල නායකයකු සම්බන්ධයෙන් තොරතුරු දැන සිටිය දී ඔහුට එරෙහිව පියවරක් නොගැනීම සම්බන්ධයෙන් ද මෙම ස්ථානාධිපතිවරයාට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

මත්පැන් සාදයට සහභාගී වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ඉල්ලීම් අනුව එසේ කර කටයුතු කර ඇතැයි ද පරීක්ෂණ වලින් හෙළි වී ඇත.

ස්ථානාදිපතිගේ වැඩ තහනමට ලක්කර ඇත්තේ ඉහත සිදුවීම් පදනම් කරගෙනයි.

වැඩ තහනමකට ලක්ව සිටින පොලිස් ස්ථානාධිපතිවරයා සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

33,584 views

3 Comments to “පොලිස් ලොක්කෙක් මත්ද‍්‍රව්‍ය ජාවාරම්කරුවෙක් සමග නිල නිවසේ මත්පැන් සාදයක..”

  1. අරුණ කුමාර දිසානායක. says:

    මං අපරාධ නීතියේ අකුරක් නෑරව කියෙව්ව.කොහෙද තියෙන්නෙ ඔය මනුස්සය එක්ක අඩියක් ගහන්න එපා කියල? බොරු නම් අහල බලන්න සජිත් ගෙන්.

  2. Nawodhi says:

    Come and see Piliyandala police station situation. This station is controlled by illegal garage owners and three-wheel drivers. They even not implement court orders and protect all illegal garages. This area police is behind all criminal activities.

  3. jsk says:

    ඔය පොලිස් ජොබ් කට්ටෙන් හම්බෙන පඩිය වගෙ සිය ගුනයක් කුඩ්ඩන්ගෙන් හම්බ කරගෙන ඇති. ඉතිං ජොබ් කට්ට ගහල ගියාම මොකෝ

Main News