පොලිස් වෙඩි තැබීමකින් අයෙක් මිය යයි.. මොරටුව උණුසුම්..

July 11, 2020 at 8:02 am | lanka C news
පොලිස් වෙඩි තැබීමකින් අයෙක් මිය යයි.. මොරටුව උණුසුම්..

පොලිසිය විසින් කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇත.

අද අලූයම එකට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ මොරටුව ලුනාව පාලම අසලදී ය.

මුර සංචාරයක නිරත වූ පොලිස් නිලධාරීන් තිදෙනෙකු විසින් ත්‍රිරෝද රථ දෙකක් පරීක්ෂා කිරීමේදී බහින්බස් වීමක් ඇති වී එය දුරදිග ගොස් පොලිස් රාජකාරියට බාධා කිරීම නිසා මෙම වෙඩි තැබීම සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

පරික්ෂා කරන අවස්ථාවේ ත්‍රීරෝද රථ දෙකෙහි සිටි අය බීමත්ව සිට ඇති බවත් එක් පුද්ගලයකු විසින් පොලිස් රථයේ රියදුරාට සහ රථයට ගල් මුල්වලින් පහර දී ඇති බවද ඔහු පැවසීය.

ඇතිවූ තත්වය පාලනය කිරීමට මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා පැවසීය.

මියගොස් ඇත්තේ ඇති පුද්ගලයා 39 හැවිරිදි සිවුදරු පියෙක් වන අතර ධිවර කටයුතු සඳහා යමින් සිටියදී මෙම සිදුවීම් ඇති වී තිබේ.

මෙම මිය යාමත් සමඟ ප්‍රදේශවාසීන් කලහාකාරී ලෙස හැසිරෙමින් පොලිසියට පහරදීමට උත්සාහ කර ඇතත් එම ස්ථානයට පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා තිබේ.

මේ වන තත්ත්වය පාලනය කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් සඳහන් කළේය.

46,935 Viewers

11 Comments to “පොලිස් වෙඩි තැබීමකින් අයෙක් මිය යයි.. මොරටුව උණුසුම්..”

  1. Asanga says:

    ජනතාව පොලිසියට, ආරක්ෂක අංශවලට සහයෝගය දැක්විය යුතුයි. පොලිසිය කරන්නේ මේ රටේ රජකාරිය. ඒ වගේම පොලිසියේ අයත් දැනගන්න ඕනේ, මැරුවොත් ආයේ පන ගන්න බැරි බවත්. කළහ කාරී අවස්ථාවක අහසට හෝ කකුලකට වෙඩිතබා තත්වය පාලනය කල යුතුයි. අනෙත් පස අය ආයුධ වලින් පහර දීමට තැත් කල විට ආත්මාරක්ෂාවට වෙඩි තැබුවේනම් ඒක වෙනම කතාවක්.

    • Usa security miti kamkaru Pad Sajith says:

      kill all uneducated three wheel kuddos. Bloody parasites.

    • Ayiab lahaw says:

      කොරෝනා දරුණුවට පැතිරෙන මේ වෙලාවෙ රටේ මිනිස්සු දැනගන්න ඕන කියන විදිහට ඉන්න. එහෙම බැරි නම් වෙඩිකන්න තමයි වෙන්නෙ. රටේ වැඩි දෙනා මේ විතෙන් බේරාගන්න අකීකරු එක අධමයෙක් කැප කිරීම රටට පාඩුවක් නෙවෙයි. මේ වෙලාව මිනිස් අයිතිවාසිකම්, යුක්තිය, සාධාරණය කැප කළ යුතු වෙලාවක්. රට හැදුවට පස්සේ බලමු අයිතිවාසිකම් ගැන, යුක්තිය ගැන. දැන් වැදගත් වෙන්නේ රට ජාතිය ආගම කියන උතුම් කාරණා තුන විතරයි.

  2. කප්පම්කරු says:

    කද බඩ ඇත්තා වසල කටා මිනුවන්ගොඩ කුඩු තිප්පොලක් කරල නාවික හමුදාවට කොරෝනා බෝවුන කුඩ්ඩන්ට කුඩු හම්බෙන්න ඒ පැත්තෙ කුඩු වලට අදාළ මෙව්ව එක සහිත දේශපාලුවා කද බඩ ඇත්තා වසල කටා බව සොරි මහතා කියයි. ස මහතා සෑහෙන්න හිතන්න ඕන ප්‍රසිද්ධ කප්පම් දුරකථන සංවාද ලීක් වුනු උන්ට නාමයෝජනා දෙද්දි.

  3. Neela says:

    පොලිස් රාජ්‍යක් කරන්න යන්නේ පොලීසියේ කුඩ්ඩන් අල්ලන නිසාද? රංගජීව මාධ්‍යවේදීන්ට තර්ජනය කළේ ඒ නිසාද?

  4. Plato says:

    වැරදිකරැවන් බවට ඔප්පු වුනොත් තමන්ගේ නිලධාරීන්ව එල්ලා මරාදමන ල‌ෙසට නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කරන තැනට පත්ව‌ූූ පොලිසියක් ලංකාවේ තිය‌ෙන්නේ.
    අධිකරණයේ තත්වයත් ජනතාව හොඳින්ම දන්නවා.
    හැම ක්ෂේත්‍රයක්ම ජරාජීර්ණ ව‌ෙලා දුගඳ හමනවා.වංචාව,දූෂණය,හොරකම සාර්තකත්වයේ මග ව‌ෙලා.

  5. isuru says:

    Come and see Piliyandala police area illegal garages to pros house and drug up to illicit liquor selling fully growing under the full blessing of the police station.

  6. poloce says:

    mekath ithin america wala siddiyata samanai… me manussayath nirayudai..

  7. Sam Fernando says:

    If disturbed to carry out law anf order one must be silenced.

  8. හිටන්ගෙදර අප්පුහාමි says:

    රංගජිවගේ ෆොටෝ ගත්ත එක්කෙනාගේ පැටිකිරිය හොයල බලන්න. කුඩු කාරයින්ගේ උවමනාවට ගත්තද කියලා. රංගජීව කුඩ්ඩන්ගෙ මරණ ලැයිස්තුවේ ඉන්න කෙනෙක්. පොලිසිය ඇතුලින්ම රංගජිවට ගේම දෙන්න බලනවා ඇති. රංගජිව හම ගහන්න ඉස්සර ඔය මාධ්‍යවේදියා කවුද කියලා බලන්න. ඔය කාටවත් උවමනාවක් තිබුනද අර කුඩු විකුනපු පොලිස් කාරයින්ගේ මුණු ටික පැහැදිලිව පෙන්නන්න. මාධ්‍ය කියලා උන්ට ඕන විදිහට නටන්න දෙන්න එපා. ඒක මාධ්‍ය ත්‍රස්තවාදය.

  9. True news says:

    Rathupaswala, biyagama wage polisiye athamun karapu dewal anduwa pitin giye, e nisa me gena wishesha parikshanayak sidu kara polis niladariya waradi nam ohuta dadi danduwam diya yuthui.

Main News