පොලිස් වෙඩි පහරින් මියගිය යාපනයේ තරුණයාගේ අවසන් කටයුතුවලට විශාල පිරිසක්..

June 20, 2018 at 6:48 pm | lanka C news
පොලිස් වෙඩි පහරින් මියගිය යාපනයේ තරුණයාගේ අවසන් කටයුතුවලට විශාල පිරිසක්..

යාපනය මල්ලාකම් මන්සන්ධියේදී පසුගිය 17 වනදා රාත්‍රියේ පොලිස් වෙඩි පහරකින් මිය ගිය තරුණයාගේ අවසන් කටයුතු ඊයේ (19) සවස මල්ලාකම් පොදු සුසාන භූමියේදී විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු විය.

මිය ගිය තරුණයාගේ අවසන් කටයුතු සිදු වන අවස්ථාවේදී කිසිවෙක් විරෝධය පෑමෙන් වැලකී සිටි අතරම ප්‍රදේශයේ තරුණයින් ඇතුලු 500 ක් පමණ දෙනා සහභාගී වී සිටියහ..

පසුගිය 17 වැනිදා රාත්‍රියේ මල්ලාකම් ප්‍රදේශයේ දේවස්ථානයක පැවැත්වූ වාර්ෂික මංගල්‍යය අවස්ථාවකදි දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබුනු අතර එය පාලනය කිරීමට එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ද ගැටුමට සම්බන්ධ පිරිස් පහර දි ඇති අතර එම අවස්ථාවේදී තරුණයෙකු විසින් පොලිස් නිලධාරියෙකුට පහරදී පිස්තොල්ය උදුරා ගැනීමට තැත් කල අවස්ථාවේදී පොලිසිය සිදුකළ වෙඩි තැබීමකින් 25 හැවිරිදි ජේරාජ් පාක්‍යරාජා සුදර්ශන් නැමති තරුණයා මිය ගිය අතර අදාල සිදුවීමේදී ගැටුමට සම්බන්ධ වූ තරුණයින් පස් දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

23 views

3 Comments to “පොලිස් වෙඩි පහරින් මියගිය යාපනයේ තරුණයාගේ අවසන් කටයුතුවලට විශාල පිරිසක්..”

  1. Gamarala says:

    අන්තිම අධිආරක්ෂක කලාපයේ ඉඩම් වල ඔප්පු ලැබීමත් මේ මරණය සමග සමරනවා වගෙයි …
    දැන් පොලිසිය සහ හමුදාව උතුරෙන් නෙරපීමේ අන්තිම තුරුම්පුවට සුදානම ..අහෝ අපේ රටට සිදුවූ විනාශයක තරම පබයක් රජවිලා

  2. අබරන් සියා says:

    මේ මරණය සිදුවුයේ සාතන් රායප්පුගේ පල්ලියේද ? ( දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබුනු අතර එය පාලනය කිරීමට ගත් උත්සාහයේදී )උතුරේ දෙමලුන්ගේ මරණයත් දැන් ලොකු ප්‍රවුතියක් බවට පත් වෙලා

  3. Manoj says:

    Aney PARA BALU අබරන් සියා,

    “උතුරේ දෙමලුන්ගේ මරණයත් දැන් ලොකු ප්‍රවුතියක් බවට පත් වෙලා”
    උතුරේ දෙමලු kiyannenth minissu. Methana un raten kellak illanna gihin nemene marala thiyenne. PARA BALLA thoge MALA KUNATATH hena gahapiya !!!