පොලිස් ස්ථානාධිපතිට හා නිලධාරින් පිරිසකට සැකකරුවෙක් පහර දෙයි.. OIC රෝහලේ..

February 2, 2021 at 8:40 am | lanka C news

අලුත්ගම මොරගල්ල ,මරදාන ප්‍රදේශයේ නිවසක් සහිත ඉඩමක හිමිකාරත්වය පිළිබඳ අධිකරණය ලබාදී තිබූ නියෝගයක් අධිකරණ නිලධාරීන් සමඟ ක්‍රියාත්මක කිරීමට ගිය අවස්ථාවේ දී අලුත්ගම පොලිස් ස්ථානාධිපති අශෝක කරුණාරත්න මහතා ඇතුළු පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට පහර දී රාජකාරියට බාධා කළ කාන්තාවන් දෙදෙනකු හා පිරිමි පුද්ගලයින් තිදෙනෙකු ලෙස සැකකරුවන් 5 දෙනෙකු අලූත්ගම පොලිසිය (1) දා රාත්‍රී අත්අඩංගුවට ගත් බව කියයි .

අත්අඩංගුවට පත් සැකකාර පුද්ගලයන් අවුරුදු 55-60 වයස්වල අය වන අතර අද (2) කළුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම සිද්ධියෙන් වම් අතට සිදු වූ තුවාල හේතුවෙන් අලුත්ගම පොලිස් ස්ථානාධිපතිවරයා අලුත්ගම රෝහලට ඇතුළත්ව බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගිය බව ඒ මහතා පැවසීය.

නිවසක් සහිත ඉඩමක් සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් කළුතර දිසා අධිකරණයේ විභාග වූ නඩු විභාගයකින් පසු හිමිකාර පාර්ශ්වයට භුක්තිය භාර දීම සදහා අධිකරණ නිලධාරි සමග අලුත්ගම පොලිසියේ නිලධාරින් එම නිවසට ගිය ප්‍රථම අවස්ථාවේ එම පිරිසගේ රාජකාරියට බාධා කර කලහකාරී ලෙස අත්අඩංගුවට පත් සැකකාර පාර්ශ්වය හැසිරී ඇති අතර අනතුරුව අලුත්ගම පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු තවත් නිලධාරින් කිහිප දෙනෙකු එම ස්ථානයට ගිය අවස්ථාවේ පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරින් කණ්ඩායමට මෙම සිද්ධියට මුහුණ දීමට සිදුව තිබෙන බව පරීක්ෂණ සිදු කරන පොලිසිය කියයි .

අධිකරණ නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීම , අධිකරණයට අපහාස කිරීම හා පහර දීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා කළුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .

කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත , කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස , කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි (ii) නිශාන් ද සිල්වා යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් අලුත්ගම පොලිසිය පරීක්ෂණ සිදු කරයි.

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

23,260 views

2 Comments to “පොලිස් ස්ථානාධිපතිට හා නිලධාරින් පිරිසකට සැකකරුවෙක් පහර දෙයි.. OIC රෝහලේ..”

  1. වන්නියා says:

    අපිට කවුරු හරි ගැහැව්වොත් අපි යන්නෙ පොලෝසි . පොලෝසියට කවුරුහරි ගැහැව්වොත් යන්නෙ කොහේ , හිඃ .

  2. Bnv says:

    Hospital!!!

Main News