පොලිසියට අභියෝග කර පැහැරගත් ත්‍රිරෝද රථය පැය 24 තුල සොයාගෙන සොරුන්ද අත්අඩංගුවට ගනී…

July 26, 2019 at 2:03 am | lanka C news
පොලිසියට අභියෝග කර පැහැරගත් ත්‍රිරෝද රථය පැය 24 තුල සොයාගෙන සොරුන්ද අත්අඩංගුවට ගනී…

හැටන් නගර  මධ්‍යයේ රථ ගාලක ගාල් කර තිබු රු ලක්ෂ 6 පමණ වටිනා ත්‍රිරෝද රථයක් සොරකම් කල සැකකරුවන් තිදෙනෙක් ත්‍රිරෝද රථය සමග අත්අඩංගුවට ගැනිමට හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින් (24) සමත් වි ඇත.

ගම්පොල හෙම්මාතගම හපුගස්තලාව ප්‍රදේශයේ සොරාගන්නා ලද ත්‍රිරෝද රථය සගවා තිබියදි හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින් ගම්පොල ප්‍රදේශයට ඊයේ ගොස් අදාල ත්‍රිරෝද රථය සහ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

නොර්වුඩ් ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට අයත් ත්‍රිරෝද රථය මිල දි ගන්නා බව පවසමින් ඉකුත් 23 දින නාදුන තිදෙනෙක් නොර්වුඩ් ප්‍රදේශයට  පැමිණ ත්‍රිරෝද රථයේ අයිතිකරුව කැමති කරවාගෙන ත්‍රිරෝද රථය හැටන් නගරයට රැගෙන විත්  ත්‍රිරෝද රථය  හැටන් නගරයේ මුල්‍ය ආයතයක් ඉදිරිපිට වු රථ ගාලක ගාල් කර ත්‍රිරෝද රථයේ මුල්‍යය ආයතනය වෙත ගෙවිය යුතු මුදල ගෙවිමට එකග වි අයිතිකරු සමග ජාවාරම් කරුවන් තිදෙනා මුල්‍ය ආයතනය වෙත ගොස් මුල්‍යය ආයතනය වෙත ගෙවිය යුතු ඉතිරි මුදල ගණනය කර තමන් වෙත දැනුම් දෙන ලෙස ජාවාරම්කරුවන් තිදෙනාගෙන් එක් අයෙක් දුරකථන අංකයක්ද මුල්‍යය ආයතනය වෙත ලබා දි හැටන් නගරයට ගොස් නැවත පැමිණෙන බව දන්වා පිටව ගොස් ඇත.

ත්‍රිරෝද රථයේ අයිතිකරු මද වේලාවකින් පසු ත්‍රිරෝද රථය ගාල් කර තිබු ස්ථානයට ගොස් පරික්ෂා කර බැලිමේදි ත්‍රිරෝද රථය එම ස්ථානයේ නොතිබුණු නිසා එ පිලිබදව හැටන් පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

පැමිණිල්ල අනුව වහා ක්‍රියාත්මක වු  හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින් ජාවාරම්කරුවන් ලබා දුන් දුරකථන අංකයට හැටන් පොලිසියේ නිලධාරින් කතා කර  සිටියදි ජාවාරම්කරුවන් තිදෙනාගෙන් එක් අයෙකු හැටන් පොලිසියට අභියෝග කරමින් කියා ඇත්තේ ත්‍රිරෝද රථය සොරාගත් බවත් හැකිනම් ත්‍රිරෝද රථය සහ තම තිදෙනාව අත්අඩංගුවට ගන්නා ලෙසයි.

එම අභියෝගය හමු වේ ජාවාරම්කරුගේ දුරකථන අංකය නාදවන ප්‍රදේශයේ සංඥා කුළුණ හරහා සැකකරුවන් සිටින ස්ථානය හදුනාගෙන ජංගම දුරකථනයේ නාද වන සැකකරුගේ ඡායාරුපය පොලිස් නිලධාරියාගේ දුරකථනයේ දර්ශනය විම මත එම ඡායාරුපය රැගෙන එක් සැකකරුවෙකු මුලින් හදුනාගෙන ඇත.

එම සැකකරු හරහා සෙසු සැකකරුවන් සහ ත්‍රිරෝද රථයද අත්අඩංගුවට ගැනිමට හැකි වු බව හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින් කියා සිටියේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 22ත් 24 ත් 26 වයස් කාණ්ඩ වල පසුවන මුස්ලිම් ජාතිකයන් බවත්, එම සැකකරුවන් දිවයින පුරා ත්‍රිරෝද රථ සොරකම් කර අලෙවි කිරිමේ ජාවාරමේ නිරතව සිටින අය බවයි පොලිසිය පැවසුවේය.

– හැටන් රංජිත් රාජපක්ෂ

10 views

One Comment to “පොලිසියට අභියෝග කර පැහැරගත් ත්‍රිරෝද රථය පැය 24 තුල සොයාගෙන සොරුන්ද අත්අඩංගුවට ගනී…”

  1. N Namal says:

    සහජීවනයට බාධාවෙයි. ඔය බුද්දිමත් අහින්සක දරුවන්ව නිදහස් කරන්න.
    හැටන් නගරයේ මුල්‍ය ආයතයක් ඉදිරිපිට වු රථ ගාලක ත්‍රිරෝද රථය ගාල් කල
    වරදට රථයේ අයිතිකරු වැරදිකරු වන අතර ඔහුට සිර දඩුවම් ලබාදෙන්න.

Main News