පොලිසියෙන් ටෝකන් වංචාවක් කියා ඉන්ධනහලක් උණුසුම් වෙයි.. හමුදාව කැදවයි…

June 28, 2022 at 3:00 pm | lanka C news
පොලිසියෙන් ටෝකන් වංචාවක් කියා ඉන්ධනහලක් උණුසුම් වෙයි.. හමුදාව කැදවයි…

අනුරාධපුර ඉන්ධනහලක වාහන වෙනුවෙන් ඉන්ධන ලබාගැනීම සඳහා ලබාදෙන ටෝගන් එක ලබාදීමේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරිනියක විසින් රාජකාරියෙන් බාහිරව කටයුතු කිරීම හේතුවෙන් පොලීසිය සහ මහජනතාව අතර දැඩි උණුසුම් තත්වයක් හටගැනුනි.

අනුරාධපුර ගුවන්තොටුපල පාරේ පිහිටි ඉන්ධනහලක අද (28) උදෑසන සිට වාහන වෙනුවෙන් ටෝගන් ලබාදීම සිදුවූ අතර එහිදී යතුරුපැදි , කාර්රථ සහ ත්‍රී රෝදරථ විශාල ප්‍රමාණයක් පොලීමේ සිට ටෝගන් ගැනීම සිදුවිය.

මේ අතරවාරයේ ටෝගන් ලබාදෙමින් සිටි පොලිස් නිලධාරිනියික් ලියන ලද ටෝගන් කිහිපයක් සඟවා තිබෙනු ටෝගන් ලබාගැනීමට පැමිණි අයෙකු දැක එම ටෝගන් ගැනීමට යාමේදී එම ටෝගන්  ඉරාදැමීමට පියවර ගැනීමත් සමග මෙම තත්වය හටගෙන තිබුණි.

එහිදී අසල සිටි ඉන්ධන වෙනුවෙන් ටෝගන් ලබාගැනීමට පැමිණි ජනතාවගෙන් පොලීසියට දැඩි විරෝධයක් එල්ල වූ අවස්ථාවේදී යුදහමුදාව තත්වය පාලනය කල අතර පොලීසියට ඉන්ධනහලෙන් ඉවත්වන ලෙස ජනතාව දැඩි විරෝධයක් එල්ලකරන ලදි.

පසුව අනුරාධපුර මූලස්ථාන පොලීසියේ සහ රථවහාන අංශ භාර ඉහල නිලධාරීන් පිරිසක් පැමිණ අදාල කාන්තා පොලිස් නිලධාරිනිය රැගෙන යාමට කටයුතු කිරීමේදී පොලීසිය සහ ජනතාව අතර දැඩි උණුසුම් තත්වයක් හටගත් අතර යුදහමුදාවේ මැදිහත්වීමෙන් තත්වය පාලනය කරන ලදි.

පසුව යුදහමුදාව විසින්ම වාහන වෙනුවෙන් ටෝගන් ලබාදීම සිදුකරන ලදි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

41,522 views

8 Comments to “පොලිසියෙන් ටෝකන් වංචාවක් කියා ඉන්ධනහලක් උණුසුම් වෙයි.. හමුදාව කැදවයි…”

  1. samith himi says:

    Kawadath policiya ballo. HORU. Pagakarayo. Wanacharayo. Hamuda kollo rattaran

  2. Kapila says:

    අද හෝකන්දර IOC ෂෙඩ් එකේ මෙවැනි වංචා ගණනාවක් සිදු වුනා. බුලි වලට තෙල් දීම තහනම් ව තිබියදී මුලි වලට තෙල් දුන්න. සෙවක් ඒවාට අමතර මුදලක් ගත්ත බවට ආරංචියි. වාහන හිලියන් දින 3 ක් එක දිගට පෝලිමේ ඉද්දී පොලිස් නිලධාරීන් ඇවිත් රාජකාරි නොවන වාහන වලට ඉන්ධන ලබාගත්ත. වෛද්‍ය වරුන්, පොලිසිය, හමුදා හා රජයේ නිලධාරීන් ට තෙල් දෙනකොට පෝලිමේ හිටපු ජනතාවට තෙල් මදි වුනා. හැම තැනම අසරණ වෙන්නේ පොදු මහජනයා.

    • ජනප්‍රිය says:

      වෛද්‍ය වරුන්ට තෙල් දෙන්න එපා. උබ බරපතල අසනීපයක් වුනාමත් ගෙදරදී අත් බෙහෙතක් කර ගනින්.

      • Nadeeka says:

        වයිද්‍යවරය කරන්නෙ ඔහුගෙ රැකියාව ඔවුන්ට ඉස්පිරිතාලෙ බන්ගලා තියනව.ඔවුන්ට අතිකාල. නොයෙක් දීමනා ලැබෙනව.ලෙඩඩු උගසට තියල ඉල්ලීම් දිනාගන්නව.චැණලින්වලදි රිපෝට පෙන්වන්නත් සම්පූර්න ගාස්තුව ගෙවන්න ඕන ඉන්දන ඕන ඩොක්ටර්ස්ලට චැනලින් යන්න….අහින්සක දවස්පඩිකාරයන්ට කාගෙපිහිටක්ද? උන්ට බන්ගලා නෑ. උන්ට මාස්පඩි නෑ.උන්ට අතිකාල නෑ.උන්ට දීමනා නෑ. උන්ට පිටරට සවාරි නෑ. උන්ගෙ දරුවන්ට ලොකු ඉස්කෝල නෑ. අන්තිමේ ඉන්දන පෝලිමේ ටෝකනුත්නෑ..

      • වයිද්‍යවරය කරන්නෙ ඔහුගෙ රැකියාව ඔවුන්ට ඉස්පිරිතාලෙ බන්ගලා තියනව.ඔවුන්ට අතිකාල. නොයෙක් දීමනා ලැබෙනව.ලෙඩඩු උගසට තියල ඉල්ලීම් දිනාගන්නව.චැණලින්වලදි රිපෝට පෙන්වන්නත් සම්පූර්න ගාස්තුව ගෙවන්න ඕන ඉන්දන ඕන ඩොක්ටර්ස්ලට චැනලින් යන්න….අහින්සක දවස්පඩිකාරයන්ට කාගෙපිහිටක්ද? උන්ට බන්ගලා නෑ. උන්ට මාස්පඩි නෑ.උන්ට අතිකාල නෑ.උන්ට දීමනා නෑ. උන්ට පිටරට සවාරි නෑ. උන්ගෙ දරුවන්ට ලොකු ඉස්කෝල නෑ. අන්තිමේ ඉන්දන පෝලිමේ ටෝකනුත්නෑ..

  3. Boo says:

    හැබැයි මහින්ද හොරා

  4. විද්‍යා says:

    තෙල් ඇමති කංචන යාට නිලරථයට තෙල් දීමේදී ටෝකක් ක්‍රමය අනුගමනය කරනු.

  5. හේමන්ත says:

    Token දෙන්න කලින් නවතා ඇති වාහන 1,2…. වශයෙන් නොම්මර පෝලිම දිගටම දෙන්න. (පෝලිමේ පිටිපස්සේ ඉන්න කෙනෙක් ඉදිරිපත් වෙලා කරන්න) ඒ එක්කම පෝලිම පිලිවෙලට video කරගන්න අග ඉන්න කෙනෙක් . Token බෙදා දීමේදී හොරට වෙන්කර ගැනීම අපිම සංවිධානය වී නවත්වමු. අද ලබපු අත්දැකීම අනුව ලියා දන්වමි. ඒකෙත් හොරකම .

Main News