පොලිසියෙන් ට‍්‍රැක්ටරයකට වෙඩි….

December 26, 2021 at 12:40 pm | lanka C news
පොලිසියෙන් ට‍්‍රැක්ටරයකට වෙඩි….

යාපනය රියාලෙයි නෙඩුංකුලම ප්‍රදේශයේ වැලි ජාවාරමේ නිරත පුද්ගලයකු නීතිවිරෝදීව වැලි ප්‍රවාහනය කරමින් සිටියදී පොලිස් අණ නොතකා ධාවනය කිරීම හේතුවෙන් ට්‍රැක්ටරයට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමට සිදු වූ බව යාපනය පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

නෙඩුංකුලම් ප්‍රදේශයේ නීති විරෝධී වැලි ප්‍රවාහනය සිදු වන බවට පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් සැකසහිත මාර්ගයක සෝදිසි මුරකාවල් යොදවා සිටියදී නීතී විරෝධීව වැලි පටවා ගත් ට්‍රැක්ටරයක් ධාවනය  කිරීමේදී පොලිස් නිලධාරින් වැලි ටැක්ටරය නැවත්වීමට ගත් උත්සහයකදී වැලි ට්‍රැක්ටරය අණ නොතකා ධාවනය කොට ඇත.

එහිදී රාජකාරි යෙදී සිටි පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් ටැක්ටරයේ රෝදයකට වෙඩි තබා ට්‍රැක්ටරය නවත්වා එහි රියදුරු අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරු  අරියා ලේ මුල්ලි ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි අයෙකු වන අතර ඔහු සමග වැලි ට්‍රැක්ටරයද පොලිසිය ඉහළ කාර්ය බළකා නිලධාරීන් විසින් වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා යාපනය පොලීසියට භාර දීමට පියවර ගනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

13,110 views

One Comment to “පොලිසියෙන් ට‍්‍රැක්ටරයකට වෙඩි….”

  1. LION says:

    පළාත් සබා මුන්ට දුන්නානම් කොහොම තියේද? පළාත් සබා අහෝසි කල යුතුය .

Main News