පොලිසියේ පොංගල් උත්සවයක් පවත්වයි…

January 17, 2019 at 2:05 am | lanka C news
පොලිසියේ පොංගල් උත්සවයක් පවත්වයි…

හැටන් මුලස්ථාන පොලිසිය මගින් තෛපොංගල් දින උත්සවයක් (16) පස්වරුවේ හැටන් මුලස්ථාන පොලිසියේදි පැවැත්වින.

හැටන් පොලිසියේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක එ.එල්.එම්.ජෙමිල් මහතා විසින් මෙම තෛපොංගල් දින උත්සවය පැවැත්වීය.

හින්දු  චාරිත්‍රානුකුලව පොංගල් කිරිබතක් පිලියෙල කර හින්දු පුජකවරයෙකු පොලිසිය වෙත කැදවා හින්දු ආගමිකානු කුලව පොංගල් චාරිත්‍ර පවත්වමින් තෛපොංගල් දින උත්සය පවත්වනු ලැබින.

තෛපොංගල් දිනය වෙනුවෙන් පැවැත් වු පුජාවෙන් අනතුරුව හැටන් පොලිසිය මගින් පිලියෙල කරන ලද පොංගල් බත පොලිස් නිලධාරින්ට සහ ප්‍රදේශවාසින් කිහිප දෙනෙකුටද බෙදා දෙනු ලැබිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

961 Viewers
Main News