පොලිසියේ අවි ගබඩාවේ තිබු අවි අතුරුදහන්..

April 9, 2019 at 12:40 pm | lanka C news
පොලිසියේ අවි ගබඩාවේ තිබු අවි අතුරුදහන්..

නුවරඑලිය පොලිස් අධිකාරි බල ප්‍රදේශයට අයත් ආගරපතන පොලිසියේ අවි ගබඩාවේ තිබු පිස්තොල දෙකක් අතුරුදහන් විම සම්බන්ධයෙන් නුවරඑලිය පොලිස් අධිකාරි අයි.ටි.බි.සුගතපාල මහතාගේ  ප්‍රධානත්වයෙන් පරික්ෂණයක් ආරම්භ කර ඇත.

ආගරපතන පොලිසියේ අවි ගබඩාව එම පොලිසියේ සේවය කරන සැරයන්වරයෙකු භාරයෙ තිබෙන අතර පිස්තොල අවි ගබඩාවෙන් අතුරුදහන් වි ඇති බව ඉකුත් 3 වෙනිදා අවි ගබඩාව භාරව සිටි සැරයන්වරයා විසින් පොලිස් ස්ථානාධිපතිවරයාට දැනුම් දි ඇත.

අවි ගබඩාව භාරව සිටි සැරයන්වරයා සමග හිත් අමනාපකම් තිබු කිසියම් පොලිස් නිලධාරිවරයෙකු මෙම පිස්තොල දෙක සගවා තබන්නට හෝ රැගෙන යන්නට ඇති  බව ආගරපතන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ආනන්දසිරි මහතා සැකකරයි.

අතුරුදහන් වි ඇති පිස්තොල දෙක සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂණ පවත්වයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

32 views
Main News