පොලිසියේ සුදු පුතයි කළු පුතයි ඇමැති අණින් මාරු…

July 4, 2021 at 3:00 pm | lanka C news
පොලිසියේ සුදු පුතයි කළු පුතයි ඇමැති අණින් මාරු…

පොලිසියේ උසස්වීම් ස්ථාන මාරුවීම් ඇතුළු සියලුම කරුණුවලට මුල්වී පොලිස් නිිලධාරීන් කලකිරෙන තත්ත්වයට පත්කළ බව කියන සුදු පුතා හා කළු පුතා නමින් ප්‍රකට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් දෙදෙනා වහාම මාරුකර යැවීමට මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර පියවර ගෙන ඇත.

දිගින් දිගටම ලද පැමිණිලි මත මෙම දෙදෙනා වහාම මාරු කරන ලෙස පොලිස්පතිවරයාට උපදෙස් දුන් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවැසීය.

පොලිසියේ සියලු කාරණාවලදී පොලිස් මූලස්ථානයේ සිට තීන්දු තීරණ ගන්නා මෙම නිලධාරීන් දෙදෙනා නිසා පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා පොලිස්පතිවරයා අතර විරසකයක් පැවැති බව පොලිස් දෙපාර්තමේන්තුවේම ප්‍රකට කාරණාවක් විය.

මෙම සියලු කාරණා සැලකිල්ලට ගෙන මෙම නිලධාරීන් දෙදෙනා වහාම මාරුකිරීමට අමාත්‍ය සරත් වීරසේකර උපදෙස් දී ඇත. මෙම ස්ථාන මාරුව සඳහා රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතියද ලැබී තිබේ.

මෙම කළුපුතා, සුදුපුතා දෙපළ මාරුකර යැවීම මහජන ආරක්ෂක ඇමැතිවරයා මීට පෙර නියෝග කර තිබුණ ද එය කලින් ක්‍රියාත්මක නොවී කල්මරමින් සිටි බවද වාර්තා විය.

– aruna

70,028 views

9 Comments to “පොලිසියේ සුදු පුතයි කළු පුතයි ඇමැති අණින් මාරු…”

  1. rashintaha piyarathana says:

    කවුද මේ කලු පුතා සහ සුදු පුතා?

    • සුදුපුතා……අජිත් රෝහණ. කලුපුතා…..දේශබන්දු තෙන්නකෝන්.ද? කලුපුතානම් සුදුපුතාටවඩා ගොඩාක් හොදයි.තනතුරට ගැලපෙනව.

  2. Nawodhi says:

    Come and check Piliyandala police station. This station is the origin of crime in this area are it is run by the illegal garage owners, three wheels drivers and thugs. Three wheel drivers go to drink to police station to night.

  3. 🐍🐍🐍🐍🐍🐍🐍🐍🤣 says:

    විස දළ කැඩුවත් නයා නයාමය
    නලාව ගහල තාලයට නටවයිය
    මේ මාරුව ඒ නැටුමට සමානය
    හැව ඇරියත් නයා විස නයාමය

  4. B. Anthony says:

    ඇමති අණින් මාරු. එතකොට දේශපාළණ අත පෙවීමක් නෙවෙයිද? දන්නෙ නැති නිසයි අහන්නෙ. වැරදි කරළා නම් පරීක්ෂා කරළා කොමිසමෙන් නේද මාරු ඛළ යුතු. අපොයි කොමිසං කියළි හිතෙනවා.

    • sagara says:

      අනෙප් පලයන් බන් යන්න. බොලාගෙ කොමිසම් තමා මේ රටට කෙලියෙ.

  5. david milibanda says:

    Policiya anagena inne………………. Sarat.W ta meka goda danna danumak nehe.
    Deshapalanayaen thora edithara pudgalayeku needed.

  6. එතකොට මාමෙ ඉන්නෙ මොන.....ගෙ පූතා ද බොලං says:

    හ්ම්….හහ්…හහ්…..ගෙ යන්න පූතාලාත් පොලීසියෙ ඉන්නවද?

  7. මැදමුලනෙ මුත්තා says:

    ඉස්සර පොලීසියෙ විනයක් තිබුනා. සෑම පහල නිළධාරියෙක්ම ඉහල නිළධාරියාට ගරැකළා. ඒකට දැන් PC සාජන්ලට විරැද්ධයි. සාජන්ලා SI ලා එක්ක තරහයි. SI ලා IP ලා එක්ක තරහයි. IP ලා HQI ලා එක්ක තරහයි. PC ලා, සාජන්ටිලා, SI ලා IP ලා OIC ලා එක්ක නෑ. OIC ලා ASP ලව ගණන් ගන්නෑ. ASP ලා SP ලා එක්ක වලි. SP ලා SSP ලා එක්ක ගෝරි. SSP ලා DIG ලා එක්කත් DIG ලා SDIG ලා එක්කත් ඇයි හොඳයියක් නෑ. SDIG ලා IGP එක්ක ගේම ඉල්ලනවා. ඒගොල්ලො Try කරන්නෙ දේශපාලකයො අල්ලං IGP ට කෙළින්න. මෙික තමයි ඇත්ත තත්ත්වය. මෙි පොලීසිය හදන්න නමි ඉහල සිට පහලට විනය හදපල්ලා.

Main News