පොලිසිය ගිනිගනී.. ගොඩනැගිල්ලක් මුළුමනින්ම විනාශයි…

August 18, 2020 at 8:40 am | lanka C news
පොලිසිය ගිනිගනී.. ගොඩනැගිල්ලක් මුළුමනින්ම විනාශයි…

බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරි බල ප්‍රදේශයට අයත් වැලිගෙපොල පොලිස් ස්ථානයේ ගොඩනැගිල්ලක ඊයේ (17) රාත්‍රියේ හටගත් ගින්නක් හේතුවෙන් එම ගොඩනැගිල්ල විනාශ විි ඇතැයි පොලිසිය පවසයි.

වැලිගෙපොල පොලිස් ස්ථානයේ බැරක්කය ලෙස හදුන්වන ගොඩනැගිල්ලක් මෙලෙස ගින්නෙන් විනාශ වි ඇත.

ප්‍රදේශවාසීන් සහ බලන්ගොඩ නගරසභාවෙි ගිනි නිවන රථ සහ වැලිගෙපොල පොලිසියේ නිළධාරින් එක්ව ගින්න පාලනය කර ඇත.

විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හට හටගන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි. සිද්ධිය සමිබන්ධයෙන් වැලිගෙපොල පොලිසිය පරික්ෂ පවත්වයි.

– බලන්ගොඩ සම්පත් ප්‍රියනන්දන

20,113 views

One Comment to “පොලිසිය ගිනිගනී.. ගොඩනැගිල්ලක් මුළුමනින්ම විනාශයි…”

  1. Saman says:

    වැදගත් ලිපි ලේඛන රැසක් ගින්නෙන් විනාශ විය… එම නිසා එම ගොනුවලට අදාළ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට නොහැක.

Main News