පොලිසිය සමග ගැටුමකින් අත්අඩංගුවේ සිටි අපරාධකරුවෙක් මිය යයි..

December 28, 2020 at 8:40 am | lanka C news
පොලිසිය සමග ගැටුමකින් අත්අඩංගුවේ සිටි අපරාධකරුවෙක් මිය යයි..

අද අළුයම පොලිසිය විසින් සිදුකරන ලද විශේෂ මෙහෙමකදී පුද්ගලයෙකු මරණයට පත්ව තිබේ.

මෙම පුද්ගලයා වේයන්ගොඩ ප්‍රදේශයේ සිදු වූ මංකොල්ලකෑම් කිහිපයකට සම්බන්ධ අයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

මෙම සැකකරු පොලිසිය විසින් පසුගිය 19 වැනිදා අත්අඩංගුවට ගෙන තිබුණේ පුද්ගලයෙකුගේ ගේ අත්පා වෙන් වන ආකාරයට කපා මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීමේ චෝදනා මතයි.

මෙම පුද්ගලයා සමග අද අළුයම පොලිසිය කිසියම් මෙහෙයුමක් සඳහා වේයන්ගොඩ ප්‍රදේශයට ගොස් තිබේ.

එහිදී ඇති වූ සිදුවීමක දී සැකකරු රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබේ.

සැකකරුගේ ක්‍රියාවක් හේතුවෙන් පොලිසිය නිලධාරියෙක් තුවාල ලබා ඇත.

21,542 views

7 Comments to “පොලිසිය සමග ගැටුමකින් අත්අඩංගුවේ සිටි අපරාධකරුවෙක් මිය යයි..”

  1. උක්කුං මල්ලී says:

    යහපාලන කාලේ මෙව්වා සිදුවුණේ නැහැ.

  2. බූරු පුතාණෝ සජියා says:

    දැන් සැඟවූ ආයුධ සොයන්න එක්කරගෙන යන්නෙ නැතුව කෙලින්ම මෙහෙයුමකට සම්බන්ධ කරගන්නවා. කාගෙ වුනත් හොඳ අදහසක්.

  3. S.Vitharana says:

    එක රටක එක නීතියක් නම් තියෙන්නේ මෙහෙම වෙන්න බැහැ නේද?

  4. Meeter Bayya says:

    Bayaanduwe Samanya Siduweemaki ….Jaathyantare Me gana biruwaata kam natha

  5. ධම්මික හීලෑ පැණිය says:

    ඔබගේ දරුවන් අකීකරුයිද ? ඔවුන් මැරයන්ද ? වහාම පොවන්න ධම්මික හීලෑ පැණිය… වරු තුනෙන් ප්‍රතිඵල… හීලෑව නීතියට ගරු කරමින් සාමකාමීව සාධාරණ රැකී රක්ෂාවක් කරගෙන ඔවුන් මතුවට ජීවත් වෙනවා සත්තයි !!!

  6. Gamini says:

    Very nice

  7. ක්‍රිමිනල් says:

    අර ගම්වැදුනු අලියටත් උනේ ඔය ටිකම තමයි ,පොලීසිය එක්ක ගැටුමකට මැදිහත් වෙලා වෙඩි වැදිලා මැරුණා . කවුද බන් මේ වගේ තිරපිටපත් ලියන්නේ ,ලියන එකා ලගදිම කොම්බුවේ මෙගා ටෙලි නාට්‍යක් ලියලා ,රටේ ජනප්‍රියම ටෙලියට හිමි සම්මානේ දිනාගන්නවා. 😂😂😂

Main News