පොලීසියට ගිය අඩි 10 ක් දිග දැවන්ත හැල කිඹුලා…

December 15, 2018 at 2:26 am | lanka C news
පොලීසියට ගිය අඩි 10 ක් දිග දැවන්ත හැල කිඹුලා…

වව්නියාව නෙළුක්කුලම රාසේන්ද්‍රකුලම් ප්‍රදේශයට පැමිණි දැවැන්ත හැල කිඹුලෙකු පොලිස් නිලධාරීන් හා ප්‍රදේශවාසීන් විසින් අල්ලා වනජීවි නිලධාරීන් භාර දීමට පියවර ගෙන ඇත.

වව්නියාව රාසේන්ද්‍රකුලම් ප්‍රදේශයට අද අළුයම් කාලයේදී අඩි 10 ක් පමණ දිගින් යුතු දැවැන්ත හැල කිඹුලෙක පැමිණ ඇති අතර හැල කිඹුලා ගෙවත්තකට ඇතුල්වීමට උත්සහ කිරීමදී නිවැසියන් විසින දැක ඒ බව නෙළුක්කුලම් පොලීසියට දැනුම් දීමෙන් පසුව පෙපාලිස් නිලධාරීන් පැමිණ ප්‍රදේශවාසීන්ගේද සහය ඇතිව හැල කිඹුලා අල්ලා නෙළුක්කුලම් පොලීසිය රැගෙන ගොස් ඇත.

පසුව වව්නියාව වනජීවි නිලධාරීන්ට ඒ බව දැනුම්දීමෙන් පසුව වන ජීවි නිලධාරීන් අදාල ස්ථානයට ගොස් කිඹුලා රැගෙන ගොස් වව්නියාවේ පිහිටි රක්ෂිතයක ජලපෝෂක ප්‍රදේශයකට මුදා හැරීමට කටයුතු යොදා ඇත.

පැවති වර්ෂාව හේතුවෙන් ප්‍රදේශයේ පිහිටි වැව් වාන් දැමීමත් සමග වාන් ජලයත් එක්ව මෙම කිඹුලා ගම් වදින්නට ඇති බවට වව්නියාව වනජීවි නිලධාරීන් කියා සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

4,220 Viewers

One Comment to “පොලීසියට ගිය අඩි 10 ක් දිග දැවන්ත හැල කිඹුලා…”

  1. Love nature says:

    පුජිත හොයාගෙන ගිහිං වගේ දෙමළ කල්ලතොනින්ගෙන් බේරීමට … කිඹුලටත් තේරිලා තියෙන්නේ , උතුරේ දෙමල ජාතිවාදීන් නිසා අද රටේ ඇතිවී තිබෙන විනාශය.. අපේ රටේ කිඹුලටත් නිදහසේ ජිවත් වීමට බැරි වෙලා .. උතුරේ වන රක්ෂිත විනාශයි
    අපොයි රටකට සිදු වූ විනාශය

Main News