පොලීසියට බයේ දැව ජාවාරම් කරුවන් පලා යද්දි දැව ලොරිය පෙරලෙයි…

September 21, 2017 at 2:09 am | lanka C news
පොලීසියට බයේ දැව ජාවාරම් කරුවන් පලා යද්දි දැව ලොරිය පෙරලෙයි…

වව්නියාව ඕමන්ද පෙරියමඩු රක්ෂිතයේ සිට රහසිගතව දැව තොගයක් ප්‍රවාහනය කරමින් සිටි ලොරියක් පසුපස (20) පොලීසිය හා වනසංරකෂණ නිලධාරීන් ලුහුබඳින අතරතුර දැව ලොරිය පෙරලී අනතුරට පත්ව ඇති බවට වව්නියාව පොලීසිය කියා සිටියේය.

ඕමන්ත පෙරියමඩු රක්ෂිතයේ සිට අදාල දැව ජාවාරම ප්‍රවාහනය වන බවට වව්නියාව පොලිස් විශේෂ කාර්යා බලකා කඳවුරට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් සහ වව්නියාව වනසංරක්ෂණ නිලධාරීන් පිරිසක් පෙරියමඩු රක්සිතයට පිවිසෙන මාර්ගයේ (20 ) රැකවල් යොදා සිටින අතරවාරයේ අදාල දැව පටවාගත් ලොරිය පැමිණි ඇත.

දැව රැගත් ලොරිය නවත්වන ලෙසට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අණ කර සිටින අවස්ථාවේදී දැව ලොරිය අන නොතකා ලොරිය ධාවනය කොට ඇති අතර පසුව පොලිස් විශේෂ කාර්යා බලකා නිලධාරීන් හා වනසංරක්ෂණ නිලධාරීන් විසින් අදාල ලොරිය පසුපස ලුහුබැඳ ඇති අතර දැව ලොරිය එ්-9 මාර්ගයේ අධික වේගයෙන් පැමිණි තාණ්ඩික්කුලම් ප්‍රදේශයේදී දුම්රිය හරස්මාර්ගයක් හරහා අතුරු මාර්ගයකට දැමීමට උත්සහ දැරීමේදී වේගය පාලනය කරගැනීමට නොහැකිව ලොරි රථය දැවත් සමග පෙරලී ගොස් ඇත.

කෙසේ වෙතත් ලොරිය පෙරලීමෙන් පසුව එහි රියදුරු පලාගොස් ඇති අතර පොලීස් විශේෂකාර්ය බලකා සෙබලුන් හා වනසංරක්ෂණ නිලධාරීන් විසින් අදාල ලොරි රථය හා එහි තිබූ රුපියල් ලක්ෂ දෙකකට අධික විටනාකමකින් යුත් බුරුත දැව තොගය අත්අඩංගුවට ගෙන ඇති අතර පැන ගිය රියදුරු සොයා වව්නියාව පොලීසිය විසින් පරික්ෂණයක් අරඹා ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

63 views

One Comment to “පොලීසියට බයේ දැව ජාවාරම් කරුවන් පලා යද්දි දැව ලොරිය පෙරලෙයි…”

  1. එච්.ආර්. මැනේජර් says:

    ඇයි වෙඩි තිබ්බෙ නැත්තෙ?