පොලීසියේ කණෙන් රිංගයි… ඥාණසාර හිමි අධිකරණයට බාර වී ඇප අරන් යයි….[Video]

June 21, 2017 at 10:40 am | lanka C news
පොලීසියේ කණෙන් රිංගයි… ඥාණසාර හිමි අධිකරණයට බාර වී ඇප අරන් යයි….[Video]

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට බාර වී තිබේ.

තමා අත්අඩංගුවට ගැනීම වළකමින් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් එහිමියන් විසින් ගොනු කරන ලද පෙත්සම අද දිනයේ විභාගයට ගැනේ.

කෙසේ වෙත්ත ඊයේ දින පැවති මාධ්‍ය හමුවේදී බොදු බල සේනා සංවිධානය කියා සිටියේ ආරක්‍ෂාව සහතික කරතොත් උන් වහන්සේ හෙට දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින බවකි.

උන් වහන්සේ අත්අඩංගුවට ගැනීම සදහා මේ වන විටත් පොලිස් කණ්ඩායම් හතරක් ක‍්‍රියාත්මක වී ඇත.

****

කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටි බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට අධිකරණය විසින් ඇප නියම කරනු ලැබීය.

එසේම උන් වහන්සේට නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැදවනු ලද අතර එන අගෝස්තු 10 වැනිදා තෙක් නඩුව කල් දමන ලදී.

164 views
Main News