පොලීසියේ නිවාඩු අවලංගුයි.. හදිසි තත්වයට කැදවයි..
December 1, 2017 at 6:31 am | lanka C news
අයහපත් කාලගුණ තත්ත්වය නිසා ඇතිවූ ආපදා තත්ත්වයට මුහුණ දීම සඳහා විශේෂ රාජකාවල යෙදවිය යුතුවන නිසාවෙන් දිවයිනේ සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට කටයුතු කරන ලෙස නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා විසින් වැඩ බලන පොලිස්පති ඩී.සී. වික්‍රමරත්න මහතාට නියෝග කර ඇත.
එසේම ආපදාවට ලක්වූ ජනතාවගේ නිවාසවල ඇති බඩු භාණ්ඩ සොරාගැනීම් වැළැක්වීම සඳහා විශේෂ පොලිස් මුර සංචාර ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙසත් අමත්‍යවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කළේය.
පවතින ආපදා තත්ත්ව පිළිබඳ පාර්ලිමේන්තුවේ දී 30 පස්වරුවේ විශේෂ රැස්වීමක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර ඊට නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක ,ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, ආපදා කලමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු මැති ඇමතිවරුන්ද ආරක්ෂක අමාත්‍යයංශයේ ලේකම් කපිල වෛද්යරරත්න මහතා, ත්‍රිවිධ හමුදාපතිවරු, වැඩබලන පොලිස්පතිවරයා, ඇතුළු ජේෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකුද සහභාගී වූහ.
දැනට ආපදාවට ලක්වූ ප්‍රදේශවල ජනතාවට සහන ලබා දීම , ඉදිරි දිනවලදී යළි ආපදා තත්ත්වයක් ඇතිවුව හොත් හානි අවම කර ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග ආදිය පිළිබඳවද එම රැස්වීමේ දී සාකච්ඡා කරනු ලැබිණ.
එසේම ඉදිරියේ දී ඇතිවිය හැකි ගංවතුර තර්ජන අවම කර ගැනීමට ගත හැකි පියවර පිළිබඳ සාකච්ඡා කෙරුණු අතර මේ වන විට ජල මට්ටම ඉහළයමින් පවතින නිල්වලා, ගිං, කළු ගඟ ඇතුළු ගංගාවල ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයන්වලදී හානි අවම කිරීම වෙනුවෙන් ගතහැකි පියවර පිළිබඳව ද සාකච්ඡා කරනු ලැබිණ.
ආපදා තත්ත්වයන් පිළිබඳ දැනුම්දීමට ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ 117 ක්ෂණික ඇමතුම් අංකය විවෘතව ඇත.
– දිලංක ගුණතිලක
මේ කාලකන්නි හැත්ත ආණ්ඩුව ගත්ත දා ඉඳල රටට වගතුගග් නෑ මිට කලින් සුනාමිය ඇරුනාම ලංකාවේ සුවභාවික විපත්වලින් මේ විදියට මිනිඔස්සු මරුනේ නෑ මේක තනිකරම දේව කෝපයක් රටේ පාලකයා රටේ මහා ජාතියට විරුද්දව අසික්කිත පාවාදීම් කරනකොට් දෙවිවරුත් කෝප වෙනවා .මේ ආණ්ඩුව තියෙනකම් මේවගේ ආපදා වලින් මිනිස්සු විශාල ප්‍රමාණයක් මැරේවි .මුන්ට හෙන ගහන්න ඕනා මේ ආණ්ඩුවට චන්දෙ දුන්නු එවුන්ටත් හෙන ගහන්න ඕනා